කොලඹ සීමාවේ උද්ඝෝෂන තහනම් කරන්න යෝජනා..
February 8, 2017 at 6:48 pm | lanka C news
කොලඹ නගර සීමාව තුල උද්ඝෝෂණ විරෝදතා තහනම් කිරීමට හෝ ඊට සුදුසු ස්ථානයක් වෙන් කර දීම කල යුතු යයි පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එමින් එජාප මන්ත්රී එස්.එම්. මරික්කාර් මහතා කියා සිටියේය.
උද්ඝෝෂණ හේතුවෙන් රටේ ආර්ථිකයට හානි වීම, මහජනතාව අපහසුතාවයට පත්වීම, වැඩ කරන ජනතාවගේ කාලය නාස්ති කිරීම, මෙරටට එන ආයෝජකයින් අධෛර්යයට පත් වීම, රෝගීන් අපහසුතාවයට පත් වීම නිසා මෙම පියවර ගත යුතු යයි ඔහු එම යෝජනාව ඉදිරිපත් කරමින් කීය.