කොලඹ හා තදාසන්න ප්‍රදේශ වල පවතින රථවාහන තදබදයට විසදුම්…
March 14, 2021 at 12:40 pm | lanka C news
වර්තමානයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ග වල පවතින රථවවාහන තදබදයට පිලියම් යෙදවීම සඳහා වාහන තදබදය අධිකව පවතින ස්ථානවල ගුවන් පාලම් ඉදිකිරීම, උමං පදික මාරු, ගුවන් පදික මාරු, අතුරු මාර්ග (By pass road) මාර්ග තදබදය පවතින ප්‍රදේශ මගහැර වෙනත් ප්‍රදේශයන් කරා ගමන් කිරිම පහසු කිරීමට විකල්ප මාර්ග හදුනාගෙන ඒවා සංවර්ධනය කිරීම සඳහා 2021 වසරේ අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව අදහස් කළේ 2021 වසරේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජනා ව්‍යාපෘතීන් පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමග 12.03.2021 වන දින අමාත්‍යාංශීය ශ්‍රවණාගාරයේ දී පැවැති රැස්වීමේ දීය.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා
මේ යටතේ කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා හඳුනාගත් ස්ථාන වල ගුවන් පාලම් ඉදිකිරීමට මේ වන විට මූලික සැලසුම් සකස් කර තිබෙනවා. ඒ අනුව කොහුවල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම, බාලදක්ෂ මාවතේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම, උත්තරානන්ද මාවතේ ගුවන් පාලම සහ විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමක් ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම වේ. එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මුත්තෙට්ටුගල, යාංගල්මෝදර, අලව්ව සහ මහව යන නගරවල ගුවන් පාලම් ඉදිකිරීමටත් මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ ප්‍රදේශයේ ගුවන් පාලම ඉදිකිරීමටත් මේ වන විට තීරණය කර ඇති බව ප්‍රකාශ කරන ලදී.
කොළඹ සහ බොහොමයක් නගරවල අධික රථවාහන තදබදයට බලපාන හේතුව ක්‍රමවත් පදික මාරු නොමැති වීම බව සඳහන් කළ අමාත්‍යවරයා රථවාහන තදබදය අවම කිරීමටත් රථවාහන අනතුරු ප්‍රමාණය අඩුකර පදිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගෙන උමං පදිකමාරු සහ ගුවන් පදිකමාරු ඉදිකිරීම සැලසුම් කර ඇති බව සඳහන් කරන ලදී. ඒ අනුව රාජගිරිය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව අසල උමං පදික මාරුවක් ඉදිකිරීම, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT) අසල උමං පදික මාරුවක් ඉදිකිරීම, රාජගිරිය ජනාධිපති විදුහල අසල උමං පදිකමාරුවක් ඉදිකිරීම, කොට්ටාව උමං පදික මාරුවක් ඉදිකිරීම, රත්නපුර උමං පදික මාරුවක් ඉදිකිරීම, මොරටුව වේල්ස් කුමර විදුහල හා වේල්ස් කුමරි විදුහල් අසල උමං පදිකමාරු 2ක් ඉදිකිරීම, බොරැල්ල කාසල් රෝහල අසල ගුවන් පදික මාරුවක් ඉදිකිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදී.
අධික රථවාහන තදබදයන් සහිත නගරවල එම රථවාහන තදබදය පවතින නාගරික ප්‍රදේශ මගහැර, නගරයෙන් පිටතට යන රථවාහන සඳහා පහසුකම් සැලසීම සඳහා අතුරුමාර්ග (By pass road) ඉදිකිරීම වඩාත් යෝග්‍ය ක්‍රමවේදයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ අනුව රත්නපුර, වරකාපොළ, රාගම යන ප්‍රදේශවල එම මාර්ග ඉදිකිරීමේ දී ඉදිකරන බව ප්‍රකාශ කරන ලදී.
අධික රථවාහන තදබදය මගහැර ගමන් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කළ යුතු විකල්ප මාර්ග ලෙස කිඹුලාවල, රෝහල් පාරේ අංශක 90 වංගුවේ සිට පන්නිපිටිය, තොරණපාර හරහා බොරුපන මාර්ගය සංවර්ධනය කරන බව පෙන්වා දෙන ලදී. මෙම මාර්ගය සංවර්ධන කිරීම තුළින් බත්තරමුල්ල ප්‍රදේශයේ සිට ඉතා කෙටි කාලයකින් රත්මලාන ගුවන් තොටුපළට හා ගාලුපාරට ලඟා විය හැක.
මාලඹේ නගරයේ පවතින අධික රථවාහන තදබදය මගහැර බත්තරමුල්ලේ සිට කඩුවෙල දෙසටත් කඩුවෙල සිට බත්තරමුල්ල දෙසටත් ගමන් කරන වාහන සඳහා චන්ද්‍රිකා කුමාරතුංග මාවත හා තලාහේන අතර විකල්ප මාර්ගයක් සංවර්ධනය කිරීමට යෝජිතය. එමෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ සිට අතුරුගිරිය දක්වා විකල්ප මාර්ගයන්ද සංවර්ධනය කෙරේ.
මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය
විසදුම ඕවා නොවෙයි නගරය තුල සහ ආසන්න නගරවලට සැහැල්ලු කෝච්චි එකම විසදුමයි. නැතිනම් ඔවා කොමිස් සමග අනවශ්‍ය අපරාධ වියදම්.
මීගමුව සිට තෝප්පුව පාලම දක්වා කොච්ච්කඩේ නගරයේ තියන රථවාහන පෝලිම නොපෙනේද? නගරය තුල පාර පටුයි,
විදිමත් කාල සටහනක් අනුව පොදු වාහන වැඩිකිරීමෙන් නගරයේ වාහන තදබදය අඩු කරගත හැක ලං ගමයට මෙය ඉටුකර ගත හැකිය.
අතුරුගිරියේ හංදියේ වාහන තදබදය අඩුකිරීමට එම හංදිය පුලුල් කරන්න.
අපේ ඉන්න අය ජාත්‍යාන්තර ප්‍රමිතියට අනුව වැඩ කරන්න හරි කැමතිනේ ..එකද මාර්ගවල තිබුන වට රවුම් ඉවත් කලේ..
වට රවුම් නැවත ඉදිකර මාර්ග තදබදය අවම කර ගැනීමට හැකි පරිදි රථවාහන පොලිසිය නිසි පුහුණුවක් ලබා දී රථ වාහන සංඥා පහන් දැල්වීම නැවත විමර්ශනය නොකර ගුවන් පාලම් ඉදිකරාට වැඩක් නැ !!
දියත උයන සිට ඔරැගොඩවත්ත, පැලියගොඩ අතරින් කැළණි ගග දක්වා දිවෙන දියවන්නා ඔයේ ඇල මාර්ගයක් ඇත එයට සමගාමීව මාර්ගයක් කලින් ආණ්ඩුව ( මහින්ද රාජපක්ෂ ) විසින් යොජනා කර තිබින, කරැනාකර එම මාර්ගය ඉදිකරන්න
ලයිට් රේල් එක නවත්තලා දැන් විසදුම් හොයනවා මූ වගේ මොඩ මූසලයෙක්.
LRT එක ජරාව නොදීම නිසා නවතාදමා දැන් ඇඹරෙන ඇම්බරිල්ලක් මුන් මහා මොඩහරක්
ජරාව කාලා තියෙන්නේ කලින් අයද?
කළින් ය ජරාව කන්න සුදානම් කරගෙන සිටියේ නමුත් මේ රජය කලේ ජපානයෙන් අනුකෘතිය අරගෙන චිනට දීලා උපරිමයෙන් කන්නයි අන්න එකයි වුණේ .ඒ ජපන් අනුකෘතිය ඔවුන් චිනට දෙන්න කැමති නැහැ දෙනවනම් පොලි අනුපාතයට දෙන්න පොරොන්දුවුවත් ච්චින එයට කැමති නැහැ.මුන්කවුරුත් මහා නිලකාස හොරුන් මහින්ද අමුහොරා සිනිවලින් දුන්නා නියම විදියට ගේමක් සැන්ග්‍රිලා අයිති එකා සමග.
කොළඹ රථ ගාල් කිරීමත් ප්‍රධානම ප්‍රශ්ණයක් තමා. බලන්න කොටුවේ විශාල රථගාලක් තිබිලත් අතුලුවීමට සහ පිටවීමට තියෙන්නේ ඉතාම පටු විවරයක්.
2050 වත් වෙයි කියන ඒව වෙද්දි..