කොල්ලුපිටිය උණුසුම්.. නිරෝධායන නීති කඩා විරෝධතාවක්.. පිරිසක් අත්අඩංගුවට..

June 9, 2020 at 1:23 pm | lanka C news
කොල්ලුපිටිය උණුසුම්.. නිරෝධායන නීති කඩා විරෝධතාවක්.. පිරිසක් අත්අඩංගුවට..

කොල්ලුපිටියේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට මේ වන විට උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවන විරෝධතාවක් හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇත.

ඇමරිකානු පොලිසිය විසින් එරට කළු ජාතිකයකු ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

විරෝධතාකරුවන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත් ඊයේ දිනයේ දී අධිකරණය විසින් මෙම විරෝධතාවය පැවැත්වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබුණි.

1,594 views
Main News