කොල්ලුපිටිය බ‍්‍රැන්ඩික්ස් මූලස්ථානයේ 07කට කොරෝනා…

October 13, 2020 at 12:45 pm | lanka C news
කොල්ලුපිටිය බ‍්‍රැන්ඩික්ස් මූලස්ථානයේ 07කට කොරෝනා…

බ‍්‍රැන්ඩික්ස් සමාගමේ කොල්ලුපිටියේ ප්‍රධාන කාර්යාලයේ හත් දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

ඔවුන් සම්බන්ධයෙන් කරන ලද කොරෝනා පරීක්ෂාවේ දී එහි නිලධාරීන් හත්දෙනකු ආසාදිතයන් බව හෙළි වී ඇතැයි කොරෝනා වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියා සිටී.

එසේ වෛරසය ආසාදිත 07 දෙනාම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් ය.

ඔවුන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බව ද හඳුනාගෙන ඇත.

38,249 views

11 Comments to “කොල්ලුපිටිය බ‍්‍රැන්ඩික්ස් මූලස්ථානයේ 07කට කොරෝනා…”

  1. Gimhani says:

    මේක තවත් පැතිරෙන්නද රටම ඇරගෙන දඟලන්නෙ. හැමතැනම පැතිරුනාමද Lockdown කරන්නෙ. දැඩි නීති රීති දාල සති 2කක් වත් රටම වහලා තිබ්බනම් ගැලවීමක් තියනවා. එහෙන් බාර් ඇරලා, රෙස්ටුරන්ට් ඇරලා, බස් වල පොල් පටෝල වගේ ගෙනියනවා. මෙහෙම ගියොත් මේක කොහෙන් කෙලවර වේවිද දන්නෙ නෑ. සල්ලි තණ්හාවට Brandix කොරෝනා එක්ක ඉන්දියන් කාරයෝ ගෙනත් රටම කෑවා.

    • Dilan says:

      දන්නේ නැත්නම් කතා නොකර ඉන්න මේ පණ්ඩිතයෝ නොදන්නා හැටි.

      කොහෙද බන් ලෝකේ දැන් ලොක් ඩවුන් කර ගෙන ඉන්නේ ?

      • Himali says:

        කට තිබ්බ පළියට උම්බෑ කියන්න එපා ගොනෝ . ලෝකේ තියන සමාජ පැතිරීම වලක්වන සාර්ථකම හා හොඳම ක්‍රමය LOCK DOWN කියලා දැන්වත් ඉගෙන ගනින්

  2. Hiruda says:

    Brandix එකේ Plant එකක් තියෙනව ඉන්දියාවේ විශාකාපට්නම් වල,
    ඒකේ management/executive position වල ගොඩක් ඉන්නේ ලන්කාවේ අය,
    එයාල තමයි Brandix එකෙන් flight 3 කින් ගෙන්නවගෙන තියෙන්නේ, එහෙම ගෙන්න්වන අයව Brandix එක sponsored කරල
    Hotels වලම නිරොදායනය කරනව. එහෙම කරන්නෙ government එකෙ army එකෙ සුපරික්ශාව යටතේ.

    මුල්ම flight එක එන්නේ ජුනි 25 එකේ එකසිය හැට ගානක් එනව, ඊලග එක අගොස්තු 8, එකෙ එකසිය විසි පහක් එනවා.අන්තිම එක එන්නේ සැප් 22, එකේ එනවා 48 ක්.
    මේ හැම වතාවෙම covid positive වෙන අය government procedure එකට අනුව hospitalize වෙනවා.

    එතකොට ඔක්තොබර්-3 මුල්ම covid positive case එක brandix එකෙන් හම්බ වෙනකොටත් අන්තිමට ආව අය hotels වල ඉන්නේ,එතකොට එයාලගෙන් මේක ආවා වෙන්න බැ.

    හබැයි අගොස්තු 8 ආව අය දවස් 28ක්(14 hotel එකේ හා 14 ක් ගෙදර ) වුනාට පස්සේ එලියට එන්නේ සැප් 7-8 විතර,
    එයාලගෙන් නම් මේක ආවේ, ඒකට brandix එකට කරන්න දෙයක් නැ.

    මොකද ගෙදරත් දවස් 14 ක් ඉදලා කරලා PCR negative වෙලා සහතිකෙත් දුන්නට පස්සෙ එහෙම කෙනෙක් ගෙන් තව කෙනෙකුට හැදෙන්න පුලුවන් නම් දවස් 14 මදි කියලා
    ඒක වැඩි කරන එක සෞඛ්‍යය අංශ වගකීමක්.

    Brandix එකෙන් ඉන්දියන් කාරයො ගෙනාවේ නැ, ගෙනාවේ ඉන්දියාවේ වැඩ කරන ලන්කාවෙම අය.

    ප්‍රශ්නේ පොඩ්ඩක් analyze කලාම හිතෙන්නේ, Brandix එකෙන් පත්තු වුනාට මේක ලන්කාවේ බාහිර සමාජයේ තිබුණා කියන එකයි.

    • Himali says:

      Brandix එකට ගොට්ට අල්ලන අපිට ඕනේ නැ . Brandix වැරදිනම් වැරදියි නේ

      • hirudha says:

        ඔව් මටත් වැරැද්දක් වෙලා කියල පේනවා,උණ තිබුනු Garment එකෙ ලමයින් ගැන නොතකා හිටපු එක. සහ එහෙම වෙලා තියෙද්දිත් අනිත් අය පරිස්සම් නොවීම.

    • Thushara says:

      Brandix social media team එකක් හයර් කරලා රුපියල් 500 කොමෙන්ට් එකකටයි 2500 පික්චර් පොස්ට් එකකටයි ගේවනවලු වැඩේ වහගන්න . මුත් රුපියල් 500 ක් අරන් වගේ .

  3. Sudu says:

    Hmmmm…may be correct..

  4. Sudu says:

    Eth api covid19 control karapu ratawal atara mul tanane.🙃🙃🙃🙃

  5. Sudu says:

    Prashne tiyenne tamange employees la gana nohitapu nisa mulu ratema minissunta bayen inna vela

Main News