කොලොන්නාව තෙල් ගබඩාවට හමුදා බල ඇණි කඩා වදී.. වර්ජනය කරන තෙල් සේවකයින්ගේ වැඩ තහනම්..

July 26, 2017 at 8:40 am | lanka C news
කොලොන්නාව තෙල් ගබඩාවට හමුදා බල ඇණි කඩා වදී.. වර්ජනය කරන තෙල් සේවකයින්ගේ වැඩ තහනම්..

ත‍්‍රිවිධ හමුදා සෙබළුන් හා පොලිසිය අද අළුයම් කාලයේදී කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයට ඇතුළු වී තිබේ.

වර්ජනයේ යෙදෙී සිටින සේවකයින් තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිට රැුදී සිටින අතර කුමන තත්වයක් යටතේ වුව වයර්ජනය අත් නොහරින බව වෘත්තීය සමිති කියා සිටිති.

හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ වර්ජනයේ නියුතු සේවකයින් එම ස්ථානයෙන් ඉවත් කර වර්ජනයට සහාය නොදෙන සේවකයින්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට මෙම පියවර ගත් බවයි.

මේ අතර ඛණිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට ගැසට් පත‍්‍රයකින් ප‍්‍රකාශයට පත් කර ඇති අතර මෙම තත්වය යටතේ සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය හැරගියා සේ සලකන බව රජය දැනුම් දී ඇත.

229 views

16 Comments to “කොලොන්නාව තෙල් ගබඩාවට හමුදා බල ඇණි කඩා වදී.. වර්ජනය කරන තෙල් සේවකයින්ගේ වැඩ තහනම්..”

  1. Sunny says:

    ඇමෙරිකාව ලෝකේ පුරාම යුද්ධ අවුලවන්නේ තෙල් නිසා. ඒගොල්ලෝ දන්නවා ඔව්න්ගේ පාලනේ යටතේ තෙල් නැත්තන් යුද්ධ කරලත් හමාරයි, රටකරලත් හමාරයි.

    අපි බලන්නේ අපේ බඩගොස්තරේ නැත්තන් අපේ කෙටිකාලින පහසුව. අපේ එවුන්ට මේවා තේරෙන්නේනැ… ලිපේ ඉන්න කකුළුවා වගේ.

    මේවා පෞද්ගලික ආයතන වලට දුන්නම උන්ට පුළුවන් අපිව දනගස්සන්න… අරකියනවා වගේ අපිට අපේ යුද්ධය දින්නේ මේවා අපේ පාලනයේ තිබ්බ නිස්ස. LTTE කොලොන්නාවට ගැහුවේ කසනවට නෙමේ…

    මේවයේ පිටුපස දෙසපලකයෝ ඇති. ඒවුනාට ඔව්න් හරි හරිදෙයක් කරනවනම් එක අපි තේරුම් ගත යුතුයි. පාට පාටින් අපි තීරණ ගන්නකන් අපි අවුලේ. ජාතියක් හැටියට හිතපු කාලෙට අපි දිනුම් !!!

  2. LION says:

    මිට වඩා හොද නේ හමුදාව රජය බාරගන්න එක

  3. LION says:

    ක්‍රි.පූ 161 දී දෙ‍ටුගැමුණු – ඵළාර යුද්ධයේදී
    සිංහලයින්ට අත් වු විජයග්‍රහණයට නව පරිච්ඡේදයක් එක් කරමින්
    තුන් හෙළය නැවතත් එක්සේසත් කළ සිංහ සේනාවන්ට
    යෝධ ශක්තියක් වුන සිංහල බෞද්ධ බලවේගයට පාර කැපුවේ
    අපගේ සෝම හිමිපාණන්ය.

    http://damkith.blogspot.de/2011/12/blog-post_17.html

  4. uma says:

    danna atulata kalakanninwa mahidayage junto