කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයක උණුසුම් තත්වයක්.. පොලිසිය කැදවයි..

August 26, 2021 at 5:30 pm | lanka C news
කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයක උණුසුම් තත්වයක්.. පොලිසිය කැදවයි..

සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට (26) දින දික්ඔය මුලික රෝහලට පැමිණෙන ලෙස රෝහල් පාලන අධිකාරිය විසින් කල දැනුම් දිමක් මත රෝහලට පැමිණි විශාල පිරිසකට එන්නත් ලබානොදිමත් සමග එම පිරිස රෝහල ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරිම නිසා පිරිස පාලනය කිරිම සදහා රෝහල් පාලන අධිකාරිය හැටන් පොලිස් නිලධාරින් කැදවනු ලැබුහ.

(26) දින උදැසන සිට සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට පැමිණි ප්‍රදේශවාසින් 300 දෙනෙකුට එන්නත් ලබාදිමෙන් අනතුරුව පොලිමේ උදැසන සිට රැදි සිටි පිරිසට එන්නත් නොමැති බව පැවසිමත් සමග එම පිරිස රෝහල ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරිම නිසා රොහල් සංකිර්ණයේ ප්‍රධාන දොර වසා දැමිමට රෝහලේ ආරක්ෂක අංශ නිලධාරින් කටයුතු කරනු ලැබුහ.

පොලිස් නිලධාරින් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා රෝහල ඉදිරිපිට කලහකාරි ලෙස හැසිරුණු පිරිස පාලනය කර සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට පැමිණි පිරිසට රෝහල් පාලන අධිකාරිය විසින් ලබාදුන් අංක සහිත තුන්ඩු බෙදා දිමක්ද සිදු කරනු ලැබුහ.

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරමින් රෝහල් පාලන අධිකාරිය ලබාදුන් උපදෙස් මත රෝහල් සේවකයෙකු විසින් සිදු වු අපහසුතාවය සම්බන්ධයෙන් එන්නත ලබාගැනිමට පැමිණි පිරිසට කණගාටුව ප්‍රකාශ කල අතර , තුන්ඩු ලබාගත් පිරිසට රෝහල් ප්‍රකාශකයෙකු කියා සිටියේ රෝහලේ දුරකථන අංකයට ඇමතුමක් ලබාදි එනනත් ලබාදෙනවාද යන්න තහවුරු කරගෙන වෙනත් දිනයක රෝහලට පැමිණෙන ලෙසයි.

(25) දිනද සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිමට දික්ඔය මුලික රෝහලට පැමිණි පිරිසක් පැය 8 ක පමණ කාලයක් රෝහල් භුමියේ රැදි සිටිමින් එන්නකරණය සිදු කර ගැනිමට සිදුවිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

31,377 views

10 Comments to “කොවිඩ් එන්නත් මධ්‍යස්ථානයක උණුසුම් තත්වයක්.. පොලිසිය කැදවයි..”

  1. 3% ට බය බයියා. says:

    පොහොට්ටුවට කඩේ යන තොන්ඩමන් වහලුන්ගේ වැඩ .

  2. ගමේ මිනිහා says:

    එන්නත දෙනව වෙනුවට පාරේ රස්තියාදු කරල නිරෝගී අයටත් බෝ කරවනවද කියලත් සැකයි…

  3. Dilan says:

    කෝ අර මේකේ දාපු පදට්ටු පයිරං කථා

    කට්ටිය තුන්ඩු බෙදනවා. එක පොදියට එන්නත් වලට මරා ගන්නවා.

  4. බූස්ටර් එන්නත් says:

    සෑම එන්නතකටම අදාල බූස්ටර් එන්නත් නිෂ්පාදනය කරනවාත් සමගම ගෙනවිත් විදින බවට රජය සහතිකයක් දෙනවාද?

  5. kkuruwita says:

    සෞක්‍ය කාර මන්ඩල තම ජීවිත අවධානම නොතකා කරන මේ සේවය ගැන අගයක් නොදන්න ආත්මාර්තකාමී මාන්නක්කාර තිරිසන්නුත් දික්ඔය පැත්තෙත් ඉන්න බව පේනව.

  6. Pooja says:

    ඔරකල් වැඩ​…සිස්ටම් ෆුල් අවුල්… නඩු නම් ගොඩ

  7. Karunarathna says:

    සෞක්‍ය අංශෙ උන්ට ඕන විදියට රට පාලනය අරන්න දෙන්න එපා.. මාස් පඩියෙන් ජීවත් වෙන උන්ට රටේ ආර්තිකේ ගැන තේරෙන්නෙ නෑ.. රට වහලා රටට කෙල උනොත් මුලින්ම කැපෙන්නෙ රජයේ සේවකයන්ගෙ පඩිය කියලා දන්නෙ නැති හරක්..

  8. ඇඹිලිපිටිය says:

    ඇඹිලිපිටිය අවටත් අද මිනිස්සු රස්තියාදු වෙලා තිබුණා. 26 එන්නත දෙනවා කියලා අයෙත් 28 එන්න කිව්වලු. අනික එන්නත දෙන එක ගැන මිනිස්සුන්ට හරියට තොරතුරු යන්නෙත් නෑ. එනවුස් කරලා කියන්නෙ නෑ. කට කතාවට තමයි වැඩේ වෙන්නෙ.

  9. Silva says:

    වැඩිහිටියන්ගේ හැසිරීම කනගාටුදායකය

  10. හමුදා එන්නත් කරන ස්ථානයන්හි මේ කිසිවක් සිදුවුයේ නැත.ඒ නිසාම මෙවැනි දූෂිත කිුයාවන්ට කැමත්තෝ හමුදා එන්නත් කරන මධයස්ථානයන්ට අපහාස කල අතර ඒවා සැණකෙළි භුමි වැනි යැයිද පුද්ගලයින් පුවර්ධනය කරන ස්ථාන යැයිද අපහාස මුඛයෙන් කීය.

Main News