කොවිල් දෙකක් කඩා දෙවියන්ට පලදවා තිබු රණ් ආභරණ සහ පින් කැටයේ තිබු මුදල් සොරා ගනී…
September 28, 2018 at 8:02 am | lanka C news
බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් වතු යායේ මැද කොටසේ පිහිටි හින්දු කොවිල් දෙකක් කඩා දේව රුපවලට පලදවා තිබු රණ් ආභරන සහ පින් කැටයේ තිබු මුදල් සොරාගෙන ගොස් ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
27 අලුයම මෙම කොවිල් දෙකේ ඉදිරිපස දොරටුව කඩා කොවිල තුලට පිවිස මෙම සොරකම සිදු කර ඇති බවයි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බගවන්තලාව පොලිසිය කියා සිටියේ.
කොවිල් දෙකේම දොරවල් අලුයම විවෘත කර තිබෙන බව වතු කම්කරුවෙකු දැක ඒ පිලිබදව එම කොවිල භාර පුජකවරයාට දැනුම් දිමෙන් අනතුරුව පුජකවරයා විසින් එ පිලිබදව බගවන්තලාව පොලිසියට පැමිණිලි කර ඇත.
සොරකම සම්බන්ධයෙන් බගවන්තලාව පොලසිය පරික්ෂණ පවත්වයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
බඩු නැතිවෙච්චි අයට දෙයියන්ගේම පිහිටයි.
දෙවියෝ දේවාලයේ නොසිටි වෙලාවක් බලලා, හොරු එන්න ඇති. දෙවියන්ය වුනත් දැන් CCTV සවි කරගැනීමට කාලය ඇවිත් ඇත. දෙවියන්ටත් දෙවියන්ගේම පිහිටයි.
දෙවියොත් සොරුන්ට බයලු
දෙවියන්ට පඩුරු දෙන අය දැන් ටිකක් සිතන්න වෙනවා දෙවියන්ටත් දැන් පිහිටක් නැහැ
මෝඩ කමෙත් සීමාවක් තියෙන්න ඕනේ …දෙවියන්ට කුමකටද රණ් ආභරන මුදල් …මෙවැනි නොපෙනෙන දෙවියන් ඇදහීම දැන්වත් මිනිස්සු නතර කල යුතුයි
දෙවියන්ටත් දැන් කප්පන් දෙන්න සිදුවෙලා ..හික් ..හික්… කපුවම රන් ආබරණ සහ මුදල් සොරාගන්න ඇති