කොස් කොල, ක්‍රෝටන් කොල කැවිමට පාලන මිල වහා ගැසට් කරනු..
January 21, 2017 at 6:48 pm | lanka C news
කොස් කොළ සහ ක්‍රෝටන් කැවිමට පෙර සහල් සදහා වන පාලන මිල වහා ගැසට් කරන ලෙස පාරිභෝගික අයිතීන් සරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
එම සංවිධානය විසින් මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
නිළධාරීන් පාරිභෝගිකයාට කොස් කොළ සහ ක්‍රෝටන් කැවිමට පෙර සහල් සදහා වන පාලන මිල වහා ගැසට් කරන්න.
2017 ජනවාරි 20 දින ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කලේ ආනයනික සහල් රු.76 කට වඩා වැඩි මිලකට අලෙවි කිරීමට නොහැකි බවයි. එහෙත් මෙරට නීතියට අනුව පාලන මිල ජනාධිපතිවරයා ප්‍රකාශ කල පමණින් ක්‍රියාත්මක කල නොහැක.
2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 18 (1) වගන්තිය අනුව අදාල භාණ්ඩය අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස නම් කළ යුතු අතර එය ගැසට් පත්‍රයේ පල කල යුතුය. එම නිසා ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඉතා ඉක්මනින් නීතියක් බවට පත්කල යුතුය.
ජනාධිපතිතුමනි නිළධාරීන් පාරිභෝගිකයාට කොස් කොළ සහ ක්‍රෝටන් කැවිමට පෙර සහල් සදහා වන පාලන මිල වහා ගැසට් කරන්න.
මෙයට
රංජිත් විතානගේ – සභාපති