කොළඹට මහ වැහි-සුළං.. ගස් කඩා වැටේ.. පාරවල් යටවේ..තොරණ් කඩා වැටේ.. ගමනාගමනය අඩලයි..
May 18, 2017 at 4:40 pm | lanka C news
කොළඹ ප්‍රදේශයට ඇදහැලෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ගාමනාගමනයට දැඩි බාධා ඇති වී තිබේ.
ඇතැම් ස්ථානවල ගස් කඩා වැටී ඇති අතර තවත් ස්ථාන ජලයෙන් යටවී තිබේ. මීට අමතරව දැඩි සුලං තත්වයක්ද බලපා ඇත.
කොටුවේ ටෙලිකොම් අසල, ඩාලි පාරේ ගිනි නිවීමේ මධ්‍යස්ථානය අසල, ට්‍රැක්ටර් සංස්ථා හංදිය අසල, බුලස් පටුමග යන ස්ථානවල මෙසේ ගස් කඩා වැටී ඇත.
මීට අමතරව කිරිබත්ගොඩ නගරයේ වෙසක් තොරණක් කඩා වැටීමෙන් වාහන හතරකට අලාභ වී ඇති අතර දැඩි සුලං නිසා මහරගම තොරණ ඇලවීමේ තත්වයක් මතුව ඇත.