කොළඹට අලුතින් ගුවන් පාලම් 03ක්.. වියදම බිලියන 06ක්..

August 28, 2020 at 6:48 pm | lanka C news
කොළඹට අලුතින් ගුවන් පාලම් 03ක්.. වියදම බිලියන 06ක්..

කොළඹ ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිළියම් ලෙස කොම්පඤ්ඤ වීදියේ ගුවන් පාලම් 03ක් ඉදිකරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

කොළඹ වැඩි මාර්ග තදබදයක් පවතින්නේ මෙම කොටසේ බව අධ්‍යනයක් මගීන් හදුනාගෙන ඇත. ඒ නිසා කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල දිනකට පැය 04ක පමන මාර්ග තදබදයක් ඇති බවද අනාවරණය වී ඇත.

තවද දිනකට 109 වතාවක් දුම්රිය ආරක්ෂිත ගේට්ටුව වැසීමක්ද සිදුවේ.

මාර්ග තදබදය අවම කිරිම සදහා මීටර් 420ක දිගින් යුතු ගුවන් පාලම් දෙකක් උත්තරානන්ද මාවත හරහා හා ජස්ටිස් අක්බාර් මාවත හරහා ඉදිකිරිමට යෝජිතය. බාලදක්ෂ මාවත හරහා ඉදිවන ගුවන් පාලමේ දිග මීටර 350කි. මෙම ව්‍යපෘතිය සදහා රුපියල් බිලියන 6ක් පමණ පිරිවැයක් දැරීමට සිදු වන බව විෂයභාර අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ප්‍රධාන නගර වල පවතින අධික මාර්ග තදබදය නිසා රාජකාරි කටයුතු සදහා ගමන් කරන නිලධාරින් හා සේවකයන්ගේ මිනිස් ශ්‍රමය අපතේ යාමක් සිදු වේ.

වාහන එකම ස්ථානයේ විශාල කාලයක් නවතාගෙන සිටීමට සිදු වීම නිසා ඉන්ධන නිරපරාදේ දහනය වීමෙන් අතිවිශාල මුදලක අලාභයක් මෙන්ම නාස්තියක්ද සිදු වන බව අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසයි.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යංශය

48,543 views

20 Comments to “කොළඹට අලුතින් ගුවන් පාලම් 03ක්.. වියදම බිලියන 06ක්..”

  1. sithmal says:

    කොම්පඤ්ඤ වීදිය නම් දන්නෙ නෑ.. විලියම් එක ලග නම් හැමදාම පට්ට ට්‍රැෆික්..

  2. සකලජන says:

    කරුණාකර සමුද්‍ර මාවත ගල්කිස්ස තෙක්වත් දිගුකරන්න(අඩුම තරමේ දෙහිවලතෙක්වත්).

  3. වයි දිස් කොලවෙරි says:

    මිනිහෙක් පැයකට රුපියල් 300ක් හොයනවා කියමු.
    වාහන තදබදය නිසා එක මිනිහෙක් දවසට පැයක් වැය කලොත් පාඩුව රු.300යි.

    මිනිස්සු 10,000ක් පැයක් බැගින් කාලය වැය කලොත් පාඩුව = 300 x 10,000 = රු.3,000,000 = ලක්ෂ 30යි.
    මේ වගේ දින 365ක් කාලය වැය කලොත් පාඩුව = රු. 365 x ලක්ෂ 30 = රු. ලක්ෂ 10950 = මිලියන 1095

    මේ විදිහට වාහන තදබදය නිසා වන පාඩුව නිසා ආර්ථික තරගයේ අපි ඉන්නේ අදිවුණු රටවල් වලට වඩා වසර 150ක් පමණ පසුපසින්.

    • මංජුල පීරිස් says:

      අනිත් රටවල වාහන තදබදේ නෑ ….
      වයි නොට් ඊටින් සාඩින් කොලවරි….. තව පරිප්පුත් ඕනෙද කොලවරි

      • වයි දිස් කොලවෙරි says:

        ලංකාවේ තරම් හෝ ඊට වැඩි වාහන තදබදය තියන, ලංකාවට වඩා දිවුණු රටක් නම් කරන්න පුළුවන් නම්?
        තෑග්ග වශයෙන් කොස් කොළ සහ ක්‍රෝටන් කොළ ලබා දෙනවා.

        • 1234 says:

          කියන්න බලන්න බැන්ස්ටඩ් ඉඳල සෙන්ට්‍රල් ලන්ඩන් වලට යන්න, සතියේ දිනක, කොච්චර වෙලාව යනවාද කියල.

          • වයි දිස් කොලවෙරි says:

            දුර මයිල 16යි. කිලෝමීටර් 25.7යි. සෙනසුරාදා google map එකේ විනාඩි 51ක් පෙන්වනවා. සතියේ දිනක මීට වඩා කාලය වැඩි විය හැකියි.

            නමුත් ඔබ දැනගත යුත්ත මෙයයි:
            මේ මාර්ගයේ ඇති සියලුම ගුවන් පාලම් ඉවත් කලහොත්, ගතවන කාලය තුන් හතර ගුණයක් වැඩි වන බවයි.

      • Boo says:

        ගැඹුරැ කතාවක් මනා අධ්‍යයනයක් කර ගනනය කිරීමක් සහිතව පෙන්වා දුන්නම හැම මෝඩයාටම ඒවා තේරෙන්නෙ නෑ.

        දෙන උත්තරේ හැටියට භාෂාවෙ හැටියට උගත්කම තේරෙනවා, නියම බයියා කවුද කියලා තේරෙනවා.

        • වයි දිස් කොලවෙරි says:

          මනුස්සයෙක්ට “බයියා” කියලා කියන එකෙන්ම කියන්නාගේ class එක හෙලිවෙනවා.

        • වයි දිස් කොලවෙරි says:

          ඔබ කියන කාරණයට එකගයි. මිනිස්සුන්ට බයියා, බයියා කියමින් කොමෙන්ට් දාන අය ගැනයි මම කිවුවේ.

  4. Ajith says:

    Johnston goda yana wedak..

  5. ඒබ්‍රහම් සීයා says:

    මයේ දරුවනේ ඔය කිසි ගුවන් පාලමකින් වැඩක් වෙලා නැහැ. නගින තැනයි බහින තැනයි අායි හිරවෙනවා.

  6. aniwa says:

    Johnston sir can do this. He wont earn a single rupee from the contracts as he has been honest all his life.
    Jaya wewa sir !

    • Rata Wenuwen says:

      අනේ අම්මපා මේක හොඳ අදහසක්, ජයවේවා

  7. sam says:

    kelaniweli dumriya margaya elivated widiyata diyunu karanawa neda?ethakota eka karanne nedda?ehema kaloth oya traffic prashnaya awasan neda?monawa koranawada manda!!

  8. Sira says:

    ජොනී ඇමතිතුමා …හවස 6 ට විතර යමුද අපිත් එක්ක බස් එකේ බොරැල්ලේ ඉදන් කිරිබත්ගොඩට?ඔයා ගියානම් බොරැල්ලේ ඉදං කිරිබත්ගොඩටම ගහනවා ගුවන් පාලමක්…

  9. Sirimal says:

    A sweep ticket for Jhonston. Can recover his election expenses.

  10. Samnisantha wellage says:

    kiribath goda patta trafic

Main News