කොළඹට බෝම්බ රියක් ඇතුළු වූ බවට ඔත්තුව දුන් හමුදා සෙබලා අත්අඩංගුවට..

May 9, 2019 at 10:40 am | lanka C news
කොළඹට බෝම්බ රියක් ඇතුළු වූ බවට ඔත්තුව දුන් හමුදා සෙබලා අත්අඩංගුවට..

කොළඹ නගරයට බෝම්බ සවිකරන ලද මෝටර් රථයක් ඇතුළු වී ඇතැයි පොලිසියට ව්‍යාජ තොරතුර දුන් බව කියන ගුවන් හමුදා භටයකු අත්අඩංගුවට ගත් ගෙන තිබේ.

මෙම ගුවන් හමුදා භටයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටුව පොලිසිය විසිනි.

සැකකරු ව්‍යාජ තොරතුරු ලබා දී ඇත්තේ වාහන කුලියට දෙන ආයතනයකට දී තිබූ තම මෝටර් රථය පිළිබඳව බවද පොලිස් නිලධාරියෙක් කීය.

අදාල වාහනය ලබාගත් පුද්ගලයා සැකකරුට මාස දෙකකින් වාරික මුදල් ගෙවා නොමැති වීම නිසා මෙම ව්‍යාජ තොරතුරු පොලිසියට ලබාදී ඇති බවද සඳහන්ය.

මෙම තොරතුරු ලැබීමත් සමග පොලීසිය වාහනය සම්බන්ධයෙන් රටපුරා පොලිස් ස්ථාන දැනුවත් කර ලද අතර පිටකොටුවේ රථගාලක නවතා තිබී මෝටර් රථය පොලිස් භාරයට ගන්නා ලදී.

ඒ සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිව ඇත්තේ රථය ගුවන් හමුදා භටයකුට අයත් එකක් බවත් වාරික මුදල් නොගෙවීම නිසා තමන් සමග උරණ වූ බවත්ය.

එම තොරතුරු මත ගුවන් හමුදා භටයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම තොරතුරු පිළිගෙන ඇති අතර තමන් ලබාදුන් ඔත්තුව අසත්‍ය බවටත් සඳහන් කර තිබේ.

46 views

10 Comments to “කොළඹට බෝම්බ රියක් ඇතුළු වූ බවට ඔත්තුව දුන් හමුදා සෙබලා අත්අඩංගුවට..”

  1. sathya says:

    Illan kama

  2. හැකහැක says:

    හිකි හිකි,බක බකස් …මුං වගේ මැටි මෝල්ලු..

    • විස්කි මැඩම් says:

      එම සෙබලා රට රකින රස්සාව සමග තවත් රස්සාවක් කරන්න ගොස් රටට පෙර එම රස්සාව ඉදිරියට දාගත්තා.
      ඒකෙන් එම සෙබලාගේ නිරුවත හෙළි වුනා.
      ඒ සමගම කුමක් හෝ හේතුවකට රට රකින සමස්ත සෙබළු ගැනම “හැකහැක” නමැති ඔබගේ තිබෙන ඇරියස් එක එලියට ඒමෙන් ඔබගේ නිරුවතද හෙළි උනා. රටට වඩා ලොකු ඔබේ අමතර ආදායම් මාර්ගය කුමක්ද කියා අප නොදනිමු.

      • maraya says:

        මේවා ඔතරම් ලොකු වට ගණන් ගන්නේ මන්ද ? වරදිකරුවාට දඩුවම් ලැබෙයි නමුත් අපේ රටේ ඉස්ලාම් ත්‍රස්තවාදයට අනුබල දෙන /දුන් ඇමතිලා තාමත් නිදැල්ලේ සිටිනවානේ …
        සොක්කෝ හිරේ ලොක්කෝ නිදැල්ලේ …..

      • හකහක says:

        ඉන්දියාවේ බුද්ධාගමෙයි රෝ එකේ පිහිටයි ලංකාවට.සමහර මන්ද-බුද්ධි අයගැන ජනතාවට සැකයි.

  3. අන්දයා says:

    conflict of interest කියන්නේ මේකට ..

    එකම සෙබලා රැකියව නිසා රටේ ආරක්ෂාව ගැන උනන්දුවෙනවා එයාම අනිත් පැත්තෙන් වාහන වියපරිකයෙක් නිසා රටේ ආරක්ෂාව අනතුරේ හෙලනවා…….

    රැකියාවක් කරන ගමන් තවත් රැකියාවක නිරත වෙන කොට ඔහොම වෙනන පුළුවන්…

    එකනේ ෆාමසියක සිකරට් විකුනන්නේ නැත්තෙත් … conflict of interest නිසා

  4. gorilla says:

    fool

  5. අල් තකියා says:

    මෙයාත් ඉස්ලාමයේ ඇති අල් තකියා හෙවත් ‘පව් නැති වංචාව’ පුරුදු වෙනවා වත් ද?

  6. මේවගේ එවුන් හමුදාවේ ඉන්නවා කියන්නත් ලැජ්ජයි !කීදාහක් නම් ජනයා තමන් ගැනත් තම ඥාතීන් අනත් බියවෙනවද මෙවැනි පුවතකින්.
    හමුදාවේ වෙලත් කොන්දක් නැද්ද අරුට කෙලින් කථා කරලා හොම්බට දෙකක් අනල හරි මුදල අරගන්න?

    • sunimal says:

      පිස්සුද මේ හමුදාවේ සෙබලෙක් නිසා දෙමළ කොටි සන්ධානය වගේ ජිනිවාවලට පැමිණිලි කර පෝරකේට යවයි

Main News