කොළඹට මහ සුලගක්.. නිවාස 153කට හානි..
July 11, 2018 at 12:40 pm | lanka C news
අද පෙරවරුවේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට දැඩි සුලං තත්වයක් බලපා තිබේ.
ආපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසන්නේ මේ හේතුවෙන් නිවාස 153කට හානි වී ඇති බවයි.
කැස්බෑව, දෙහිවල, පිලියන්දල, මොරටුව, හෝමාගම ආදී ප්‍රදේශවලට මෙම සුලං තත්වය ඇතිව තිබේ.
හෝමාගම ප්‍රදේශයේ පමණක් නිවාස 75ක් පමණ හානියට පත්ව තිබේ.
බස්නාහිර, උතුර, උතුර මැද, ඌව, මධ්‍යම, වයඹ පළාත් හා අම්පාර, ත්‍රිකුණාමලය , හම්බන්තොට දිස්ත්‍රික්කවල දැඩි සුලං ඉදිරියේදීද ඇති වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටී.
දේවෝ වස්සතු කාලේන රාජා භවතු දම්මිකෝ.
පඹයාගේ ක්‍රියාකලාපයට දෙවියෝ කුපිතවෙලා, දේවශාපය