කොළඹට ISIS ප්‍රහාරයක් ගැන මා දන්නේ නෑ..- ආරක්ෂක ලේකම්
July 3, 2017 at 6:48 pm | lanka C news
මෙරට පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් ඇති බවට ඇමෙරිකානු බුද්ධි අංශ විසින් ශ්‍රී ලංකාවට අනතුරු අගවා ඇතැයි මාධ්‍ය වාර්තා පල වුවද ඒ ගැන තමන් කිසිත් නොදන්නා බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි පවසයි.
තමන් මේ දිනවල විදෙස්ගතව සිටින බවද කී ඔහු මෙම කාරණය ගැන කිසිත් නොදන්නා නිසා කිසිවක් ප්‍රකාශ කල නොහැකි යයිද කියා සිටියේය.