කොළඹින් ආසාදිතයන් 160ක්.. දුෂ්කර තත්වයක් ඇති විය හැකියි..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

October 14, 2020 at 12:02 am | lanka C news
කොළඹින් ආසාදිතයන් 160ක්.. දුෂ්කර තත්වයක් ඇති විය හැකියි..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක

මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාව ආශ්‍රිතව ඇති වී තිබුණ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයන් ඇතුළු කොරෝනා ආසාදිතයන් එකසිය හැට දෙනකු කොළඹ දිස්ත්‍රික් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඔවුන්ගේ ආශ්‍රිතයන් සහ ගැවසුන ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති බවද ඔහු පැවසීය.

මෙම වෛරස් පොකුර ව්‍යාප්තිය පාලනය කරගත හැකි මට්ටමක ඇති නමුත් කොළඹ දිස්ත්‍රික්කය තුළ අධික ජනගහනය, කුඩා ඉඩක විශාල පිරිසක් රැඳීම, නාගරික පරිසරය යන කරුණු නිසා අවදානමක් තිබෙන බවද ඔහු අවධාරණය කරයි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් තව දුරටත් හමු වුවහොත් තවදුරටත් පැතිරීමේ අවදානම වැඩි බවද ඔහු සඳහන් කළේය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන තව දුරටත් ඉහල ගියොත් ඉදිරියේදී දුෂ්කර තත්වයක් මතුවිය හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

106,904 views

14 Comments to “කොළඹින් ආසාදිතයන් 160ක්.. දුෂ්කර තත්වයක් ඇති විය හැකියි..- සෞඛ්‍ය මාධ්‍ය ප‍්‍රකාශක”

  1. ඕමාර් ගේ ජොකී යා says:

    කෝ මෙතන කොරෝනා අවධානම මුළුමනින් ම ඉවරයි, රට ආරක්ෂිතයි, මැතිවරණයට සුදුසු යි කියලා කියපු ජයසිංහ දොස්තර. කෝ ඒ ප්‍රකාශය උඩ තියං බෙර ගහපු සාඩින් බයියෝ ටික. මුන් ඔක්කෝම අධෝමුකයෙන් කාලා ඔලුවෙන් හිටන් ඉන්න වහල්ලු.

    • Dr Zee says:

      මේක ලියපු මැටි මෝල් ජවිපාවා දන්නෙ නෑ වෛරසය යනු ලෝක ව්‍යාප්ත දෙයක් බව​. වෛරසය ව්‍යාප්තිය​ පාලනය කළා කිව්වම මේ මැට්ටා හිතල තියෙන්නෙ වෛරසයක් ඉවර කළා කියා.

    • kk says:

      When did Dr. Jasingha tell that? He told it those days about that stage. It is not valid forever. You have to use your brain a little before talking. Your talking is exactly same as your voting at the election, does not use the brain at all.

      • SP says:

        You moron wasn’t it the case? The country was rid of the virus and elections were held successfully without any case. Your muttish brain cannot understand that this is due to the irresponsible act of a private organization who let it grow inside their premises with their material from India or some other. The government or any health authorities are not responsible for this irresponsible act and these private institutes should be dealt with for not having the proper sanitary and security measures on a continuous basis in their busineeses. This is the responsibility of all organizations and people as the government cannot be behind and police us always .

        • SP says:

          Dear KK this was written not as a reply to you but to Omar’s Jockey. I totally agree with your point.

    • SP says:

      You moron wasn’t it the case? The country was rid of the virus and elections were held successfully without any case. Your muttish brain cannot understand that this is due to the irresponsible act of a private organization who let it grow inside their premises with their material from India or some other.
      The government or any health authorities have not responsible for this irresponsible act and these private institute should be dealt with for not having the proper sanitary and security measures on a continuous basis. This is the responsibility of all organizations and people as they cannot be behind us always .

  2. සුගතමුණි විමලසිරි says:

    PCR කට්ටල ටෙන්දරයෙන් මුදල් ගසා කා අසුවු ජයවීර බන්දයියා කොහොමද දෙවියනේ සෞඛ්‍ය අමාත්‍ය ඔය තරම් ඉහල තනතුරකට පැන ගත්තේ?

    • උක්කුං මල්ලී says:

      ඇයි බන් මිග් යානා වලින් හොරාකාපු කෙනෙක් රටේ ඉහළම තැනට ආවාම මේවා මොනවද.

  3. Priyantha says:

    ඉතා හොදින් සෞඛ්‍ය වාර්තා ඉදිරිපත් කිරීම සතුටුදායකයි….වෛද්‍යතුමණි…ඔබතුමන් සේවාස්ථානයෙන් ඉවත් කිරීමේ සිද්ධියේදී කිසිදු චෝදනාවක් ඔබතුමටන්ට එරෙහිව ඉදිිරිපත් කිරීමට අදාල බලධාරීන් අපොහොසත්විය….ඔබට ලබාදී ඇති නව තනතුර හරහා පළිගැනීම නැවත පහසුවෙන් කල හැකි වනු ඇත…එනිසා වඩාත් සුපරික්ෂාකාරීව කටයුතු කරන මෙන් කාරුණිකව මතක් කරමි…

  4. Hudson says:

    Dont give facts and figures just decrease the numbers. otherwise you will end up in KKS.

  5. Sajja de Sereppu says:

    පුදුම මොළයක් නේ. රෝගීන් වැඩි උනොත් දුශ්කර වෙනවලු .
    SAITM එකේ ඉගෙන ගත්ත උන්ට මේ මොලේ නෑනේ. ඒකනෙ වැහුවේ.

  6. නාරද says:

    ‌‌බෝහෝමයක් ආයතන වල නිරෝධායන නීති ගරු කිරීම සංදර්ශනයක් පමණයි. ඇත්ත තිත්තයි. කඩා පනින හමුදාවක් හෝ ගුණ ගරුක සේවකයන්ගේ රහස්‍යභාවය රකිමින් පැමිණිලි කිරීමට දුරකථන අංකයක් අවශ්‍යයි. රට වැසීම ආර්ථිකයට මෙන්ම එදිනෙදා ජීවිකාව කරගන්නා අයට විශාල කරදරයක් බවත් දනිමි. එදිනෙදා ජීවිකාව කරගන්නා සමහර වෘත්තීන් වට මිනිසුන්ට හරි හමන් මුව ආවරණයක් වත් නැහැ. මේ වාට විසදුම් දානපතියන් සහ අප අපම ඉදිරිපත් කල යුතුයි.

  7. This is the time to show strength the Traditional Local Medicine system. Steam with Adathoda / Lemon Leaves for one week is the best solution so far. 5 to 10 minutes morning and Evening for one week time.
    කැළණිය විශ්වවිද්‍යාලයීය ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ කාය චිකිත්සාව අධ්‍යනය අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍යව චන්ද්‍රසිරි වැලිවිට සර් කොරෝනා වෛරසයට සොයාගත්ත බෙහෙත..

    ගම්මිරිස් – 5 g
    කොත්තමල්ලි – 10 g
    අමු ඉගුරැ – 10 g
    දෙහි කොල – 10 g
    යකිනාරං කොල – 10 g

    මේ ටික මැටි මුට්ටියකට දාලා වතුර අඩු කෝප්ප 4 ( ලීටර එකක් ) දාලා කෝප්ප 2 ක් (ලීටර භාගයක් ) ඉතිරි වනතෙක් මද ගින්දරේ හොදින් තම්බන්න..

    යකි නාරං නැතිනම් ඒ වෙනුවටත් තවත් දෙහි කොලම 10 g එකතු කරගන්න..

    මේ ප්‍රමාණය කොරෝනා Positive කෙනෙකුට නම් එක දවසකට දෙන ප්‍රමාණය..
    බොන්න දෙන විදිහ තමයි කෝප්ප භාගයක් ( 125 ml ) ගානේ දවසට හතර පාරක්..
    8.00am, 12.00pm, 4.00pm, 8.00pm

    කොරෝනා හැදිච්චි නැති කෙනෙකුට කොරෝනා හැදෙන්නේ නැතිවෙන්න ප්‍රතිශක්තිකරණය හදාගන්න හෝ නිරෝදායනයේ ඉන්න කෙනෙකුට නම් ඉහත බෙහෙත් ප්‍රමාණයම ඒ විදිහටම තම්බලා හදලා වැඩිහිටි දෙන්නෙකුට බොන්න ඇති.. ඒ කීවේ සාමාන්‍ය අයට ඒ බෙහෙත කෝප්ප භාගය ගානේ දවසට දෙපාරක් බීවාම හොදටම ඇති..

    මේ විදිහට කොරෝනා Positive කෙනෙකු සති 3ක් බොන්න ඕනේ.. මේක බොන්න පටන් ගත්තාම දවස් හතරෙන් ලෙඩාගේ ගොඩාක් අමාරු අඩුවෙලා ලෙඩා සාමාන්‍ය වෙනවා. ඒත් සති 3ක් බෙහෙත බොන එක වැදගත්..

  8. lotus says:

    පරීක්ෂණ කිරීමේ ප්‍රමාදයක් ඇත.
    .
    සාම්පල ධාරිතාවය වැඩි වීම හේතුවෙන් ඊට සරිලන රසායනාගාර සංඛ්‍යාවක් සහ යන්ත්‍ර සංඛ්‍යාවක් සූදානම් නොමැති නිසා මෙවැනි තත්ත්වයක් උදා වී ඇත.