කොළඹින් ඇවිත් වව්නියාවේ කොල්ල කයි.. නිවැසියන්ට බරපතලයි..
February 11, 2022 at 6:20 pm | lanka C news
වව්නියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේ නිවසකට ඇතුලු වූ කොල්ල කල්ලියක් විසින් නිවසේ තිබූ රුපියල් ලක්ෂ 15 කට ආසන්න රන් කොල්ල කා නිවැසියන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුකොට පලා ගිය දකුණේ කොල්ල කල්ලියක 07 දෙනෙකු අද (11) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගත් බවට වව්නියාව කොට්ඨාශ පොලිස් අපරාධ විමර්ශන කාර්යංශය පවසයි.
මෙම කොල්ලකෑම පසුගිය ජනවාරී 05 වනදා රාත්‍රියේ සිදු වූ අතර අදාල කොල්ල කෑම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පැතිකඩ කිහිපයක් ඔස්සේ පරික්ෂණ සිදුකිරීමෙන් අදාල කොල්ල කල්ලිය පිළිබඳ අනාවරනය වී ඇත.
එහිදී කොල්ල කල්ලියේ ප්‍රධාන සැකකරුවන් දකුණේ සිට පැමිණ ඇති බවට තොරතුරු අනාවරනය වීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායමක් කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයට ගොස් දින කිහිපයක් සිදුකල පුලුල් සෝදිසියකදී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට සහය දුන් වව්නියාව ඊච්චන්කුලම් ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.
කොල්ලකරුවන් විසින් සොරාගත් රන්භාණ්ඩවලින් රන් මුදු 4 ක් පමණක් සඟවා තිබියදී සොයාගෙන ඇති අතර අනෙක් රණ්භාණ්ඩ විකුණා ඇති බවටද අනාවරනය විය.
මෙම කොල්ල කල්ලියේ සියලු සැකකරුවන් අවුරුදු 19 ත් 33 ත් අතර වයස්හි පසුවන අධික ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් වන අතරම ලංකාව ප්‍රදේශ කිහිපයකම මෙලෙසින් කොල්ලකෑම් සිදුකර ඇති බවටත් ඔවුන් වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ආයුධ පෙන්වන්න එක්කරගෙන යන්න වෙනවා.
Congratulation to the Vavuniya Police Investigations Team. Its a professional Investigation job.
This Police team must be well compensated through the Police reward Fund.
ආයුධ පෙන්වන්න එක්කරගෙන යන්න quickly into the Vavuniya jungles.