කොළඹින් ඡන්දෙ ඉල්ලුවොත් මට දිනන්න පුළුවනි..- දග පන්දු අග රජු කියයි..

February 17, 2019 at 11:20 am | lanka C news
කොළඹින් ඡන්දෙ ඉල්ලුවොත් මට දිනන්න පුළුවනි..- දග පන්දු අග රජු කියයි..

කොළඹින් මැතිවරණයට තරග කලහොත් තමන් ජයග‍්‍රහණය කරනු ඇති බව විශ්වාස යයි මෙතෙක් ලොව බිහිවූ අග‍්‍රගණ්‍යම දග පන්දු යවන්නා සේ සැලකෙන මුත්තයියා මුරලිදරන් පවසයි.

නමුත් තමන් ක‍්‍රිකට් ආයතකයේ නිලවරණයට තරග වැදුනහොත් එක ඡුන්දයක්වත් ලැබෙනු ඇතැයි විශ්වාස නැතැයිද ඔහු සදහන් කරයි.

ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායම පසුබැමේ වගකීම ඇත්තේ පුහුණුකරුගේ අතේ නොව ක‍්‍රිඩකයන්ගේ අතේ පමණක් යයිද මුරලි සදහන් කරයි.

දෙරණ රූපවාහිනිය හා අදහස් පල කරමින් ඔහු මෙම අදහස් පල කලේය.

ලොව වැඩිම කඩුළු දවාගත් ක‍්‍රිඩකයා වන්නේද මුරලිදරන්ය.

114 views
Main News