කොළඹ ඇතුළු නගරවල විරෝධතා, උද්ඝෝෂණ තහනම් කරමින් නව පනතක් පාර්ලිමේන්තුවට..

February 13, 2017 at 10:00 am | lanka C news
කොළඹ ඇතුළු නගරවල විරෝධතා, උද්ඝෝෂණ තහනම් කරමින් නව පනතක් පාර්ලිමේන්තුවට..

කොලඹ නගරය හා රට පුරා වෙනත් නගරවල විරෝධතා උද්ඝෝෂන පැවැත්වීම තහනම් කරමින් නව පනත් කෙටුම්පතක් ගෙන ඒමට රජය සූදානම් වෙයි.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පවසන්නේ මහ ජනතාවට අවහිර නොවන ලෙස නීතිය හා සාමය සුරක්ෂිතව පවත්වාගෙන යාමට රජයේ අවධානය යොමුවී ඇති බවත් නගරවල මහා මාර්ගයන්හි පැවැත්වෙන විරෝධතා උද්ඝෝෂණ නිසා මහජනතාවට මුහුණදීමට සිදුව ඇති අපහසුතා මගහැරවීමට නව පනත් කෙටුම්පත් කිරීමට අවධානය යොමුවී ඇති බවයි.

මෙම තීරණය ගනු ලැබුවේ කොළඹ හා වෙනත් නගරයන්හි ප්‍රධාන මාවත් අවුරමින් විරෝධතා පැවැත්වීම ශීඝ්‍රයෙන් ඉහල යාමේ ප්‍රවණතාවය සැලකිල්ලට ගනිමින් බවයි.

ඒ අනුව ඉදිරියේදී විරෝධතා උද්ඝෝෂන පැවැත්වීමට සඳහා එක් ස්ථානයක් වෙන්කිරීමට යෝජනා කර ඇතැයිද ඔහු පැවසීය.

55 views
Main News