කොළඹ ඉහලම අවදානමේ.. ගෙදරින් එලියට නොයන්නැයි වසංගත රෝග විද්‍යා ප‍්‍රධානී දැනුම් දෙයි..

November 15, 2020 at 3:32 am | lanka C news
කොළඹ ඉහලම අවදානමේ.. ගෙදරින් එලියට නොයන්නැයි වසංගත රෝග විද්‍යා ප‍්‍රධානී දැනුම් දෙයි..

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙනි කොළඹ මහා නගර සභා සීමාව වැඩිපුරම අවදානමට ලක්ව ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

එමෙන්ම කොළඹ නගර සභා සීමාව අවට නම් අනෙක් ප්‍රදේශයද අවදානමට ලක්ව පවතින බවද ඔහු පෙන්වා දෙයි.

සමස්තයක් ලෙස ගත් විට අනෙක් පළාත්වලට සාපේක්ෂව බස්නාහිර පළාතේ කොරෝනා අවදානම ඉහළ යයි බවද ඔහු පෙන්වා දෙයි.

එනිසා බස්නාහිර පළාතේ වාසය කරන ජනතාව හැකිතාක් තම නිවෙස් වලටම වී සිටින ලෙසත් සංචරන සීමා කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

45,703 views

4 Comments to “කොළඹ ඉහලම අවදානමේ.. ගෙදරින් එලියට නොයන්නැයි වසංගත රෝග විද්‍යා ප‍්‍රධානී දැනුම් දෙයි..”

  1. Amaris says:

    දැන් තත්වය වයිද්‍යතුමා කිනවාටටත් වඩා බරපතලයි .පලමු රැල්ලේදි රජය සහ ජනතාව අතර ඉතා සමීපතාවක් තිබුනා ..අනිල් ජාසිංහ මහත්තය , හමුදාපති තුමා , අජිත් රෝහන මහත්තය සමග ජනාධිපති තුමා අපිට දැනුනේ අපේම පවුලේ සාමජිකයින් ලෙසයි .දැන් ඒ තත්වය හාත් පසින් ම වෙනස් .එහෙම රජයට සහයෝගය දුන් ජනතාව දැන් හතුරන් බවට පත් වෙලා .මෙයට වගකියයුත්තේ ජනාධිපතියි .දැන් ජනාධිපති වැඩකරන්නේ කීර්තිමත් සම්භාවනීය උපදේශකයින් වන ලලිත් වීරතුංග වැනි මහතුන්ගේ උපදෙස් වලට අනුව නොව අලි සබ්‍රි වගේ මුස්ලිම් අන්තවාදීන්ගේ උපදෙස් වලට අනුවයි .ජනාධිපතිගේ මේ මරි මෝඩ ක්‍රියා නිසා ඔහුගේ ජනප්‍රියත්වය සහ ප්‍රති රූපය බිංදුවටම බැස තිබෙන්නේ .ජනාධිපති තාමත් ප්‍රමාද නැත .ඔහුට මේවා නිවරදි කර ගැනීමට කාලය ඇත .ඔහුට රට ගොඩ නැගීමට අසීමිත බලයක් ඇත .මේ බලයෙන් උපරිම ප්‍රයෝජන ගෙන රට සංවර්ධනය කල හැක . ප්‍රතමයෙන් ලංකරගෙන සිටින සබ්‍රිල මෙන්ම හොරකමටම බර ඔබගේ නෑදෑ පරපුර දේශ පාලනයේන් ඉවත් කලයුතුයි .දේශපාලනය සහ සහෝදර කම එකට පටලවාගත යුතු නැත . මේ අඩු පාඩු නිවරදි කරගත හොත් පක්ශ බේදයකින් තොරව මුලු රටේම ජනතාව ඔබට සහයෝගය පලකරාවි .ඉතිහාසයේ ඔබේ නමත් මහතීර් , ලී ක්වාන් යූ නම් අතරට එක්වේවි .

  2. Appuwa says:

    කොරෝනා වෛරසය රජය කිසිසේත්ම අසමත් වීමක් සිදු වී නැති බවත් වෛරස ව්‍යාප්තිය ඉතා හොඳින් පාලනය කරගෙන සිටින බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

  3. Priyantha says:

    අවුලක් නැහැ..තාම සමාජගතවීම වෙලා නැතිලූ..

  4. Ranbo says:

    මුගෙ කටින් ඇත්තක් කියවුනාමද කොහෙද😂🤣

Main News