කොළඹ එජාප මන්ත‍්‍රී රොත්තක් මාධ්‍ය කැදවා ගෝටාගේ ගුණ ගයයි.. කොළඹ ඡන්ද බුරුතු පිටින් ගැලවේ.. [Video]

August 9, 2019 at 10:32 pm | lanka C news
කොළඹ එජාප මන්ත‍්‍රී රොත්තක් මාධ්‍ය කැදවා ගෝටාගේ ගුණ ගයයි.. කොළඹ ඡන්ද බුරුතු පිටින් ගැලවේ.. [Video]

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටිය දී කොළඹ නගර සභාවේ කසළ බැහැර කිරීම සඳහා කිසිදු මුදලක් වැය නොවූ බව කොළඹ නගර සභාවේ එක්සත් ජාතික මන්ත්‍රීවරුන් පිරිසක් සඳහන් කළහ.

නගර සභාවේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් එම පිරිස කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට විරුද්ධ දේශපාලනන කදවුරක් නියෝජනය කළද ඔහු කසල වලින් කිසිසේත්ම දේශපාලනය නොකළ බවයි.

ගෝටාභය රාජපක්ෂ මහතාගේ කාලයේ දී සැලසුම් කරන ලද අරුවක්කාලු කසල බැහැර කිරීමේ අංගනයට කසල ගෙන යාම සඳහා විධිමත් දුම්රිය ප‍්‍රවාහන ක්‍රම වේදයක් සකසා තිබූ නමුත් දැන් සිදුව ඇත්තේ ලොරි රථ මගින් ගෙනගොස් දැමීම බවත් ඒ සඳහා අධික වියදමක් වැය කිරීමට සිදුව ඇති බවත් මන්ත‍්‍රීවරු කියා සිටියහ.

එමෙන්ම ඒ සදහා ප්‍රාදේශීය සභා මට්ටමින් කප්පම් ගෙවීමට සිදුව ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ.

පසුගිය වසර දෙකක පමණ කාලය තුළ මෙම කසළ බැහැර කිරීමේ කටයුත්ත සඳහා රුපියල් බිලියන දෙකක පමණ මුදලක් නගර සභා විසින් ගෙවා ඇති බවද ඔවුන් සඳහන් කලහ.

මෙම මන්ත්‍රී පිරිස අනියමින් චෝදනා කරන ලද්දේ වර්තමාන රජයේ මෙගා පොලිස් ඇමති චම්පික රණවක මහතාටයි.

ජනාධිපතිවරණයක් ආසන්නයේ එක්සත් ජාතික පක්‍ෂ බල කදවුරක් වන කොළඹ නගර සභාවේ මන්ත‍්‍රීවරුන් විසින් සිදු කරන ලද මෙම අගය කිරීම කොළඹ කේන්ද‍්‍රිය නාගරිකයන්ගේ ඡුන්ද පදනමට දැඩි බලපෑමක් ඇති කරනු ඇතැයි අනුමාන කල හැක.

සඳුන් ගස කපන්න කපන්න සුවඳ හමන බව සියලුදෙනා වටහාගත යුතු සත්‍යයකි…කිසිවෙකුට වසන් කළ නොහැකි ප්‍රතිවාදීන් පවා පිළිගන්නා කාර්‍යශූර නායකත්වය…

Gepostet von ගෝඨා – Gota am Freitag, 9. August 2019

78 views

21 Comments to “කොළඹ එජාප මන්ත‍්‍රී රොත්තක් මාධ්‍ය කැදවා ගෝටාගේ ගුණ ගයයි.. කොළඹ ඡන්ද බුරුතු පිටින් ගැලවේ.. [Video]”

  1. gamarala says:

    රෝසිගේ රත්තරන් වැසිකිලිය නම් බැබලෙනවලු

  2. Kamaladasa says:

    ECO of “white Van” culture is back!!!! DANGEROUS times ahead.

  3. 225ma epa says:

    Maha rajala hariyata wada kala nam ea dawas wala, oba thumath danna hamoma dannawa, ada lankawa mehema newei thiyanna ona. 225 ma horu.. eka therum ganna bari nam mea system eka hamada ma theyi.

    • Siri says:

      ගෝටාභය 225න් පිට කෙනෙක්නෙ. එහෙනම් ජය වේවා

  4. David Milli-banda says:

    Desha premi……………….. Desha premiyek awshyda nadda kiya danma thiranaya karaw !!!!!!!!!!!

Main News