කොළඹ එජාප සුහද හමුවේ මත්පැන් ලොරි ගෙනැත් නොමිලේ බෙදති.. මුළු එජාපයම වෙරිමතින්.. ජනපති මත්පැන් නිවාරණයේ..

April 9, 2017 at 11:20 am | lanka C news
කොළඹ එජාප සුහද හමුවේ මත්පැන් ලොරි ගෙනැත් නොමිලේ බෙදති.. මුළු එජාපයම වෙරිමතින්.. ජනපති මත්පැන් නිවාරණයේ..

කොළඹ බ්ලූම්ෆීල්ඞ් පිටියේදී මේ වන විට පැවැත්වෙන එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් අලූත් අවුරුදු සුහද හමුවේදී මත්පැන් ලොරි බැගින් ගෙනැවිත් පැමිණ සිටින සියල්ලන්ට නොමිලේ බෙදා හරිමින් තිබේ.

ලයන් බියර් හා ඇන්ගර් බියර් මෙසේ නොමිලේ බෙදා දෙමින් සිටී. පැමිණ සිටින එජාප සාමාජිකයින් සිත්සේ බියර් බී වෙරිමතින් හැසිරෙති.

අද පැවැත්වෙන සුහද හමුවේදී බියර් බීමේ තරගයක්ද සංවිධානය කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් මත්පැන් මත්ද්‍රව්‍ය ජාතික වැඩසටහනක් ක‍්‍රියාත්මක වෙද්දී ආණ්ඩුවේ ප‍්‍රධානතම පාර්ශවය ප‍්‍රසිද්ධියේ මත්පැන් ප‍්‍රවර්ධනයේ යෙදීම පුදුමය දනවයි.

236 views

31 Comments to “කොළඹ එජාප සුහද හමුවේ මත්පැන් ලොරි ගෙනැත් නොමිලේ බෙදති.. මුළු එජාපයම වෙරිමතින්.. ජනපති මත්පැන් නිවාරණයේ..”

  1. love nature says:

    අද ලංකාව කළු සුද්දන්ගේ පරාදීසයක් නොවේද? මුළු ලෝකයේම පරණ යටත් විජිත විනාශ මුඛයට වැටී ඇත්තේ ඒ හැම රටකම කළු සුද්දන් පන්තියක් විසින් බොරු නිදහස් උත්සවයක් පවත්‌වා සුද්දන් විසින් පවරාදුන් බොරු නිදහසක් යටතේ එක් එක් රට බැගින් වනසා දමා ඇති නිසා නොවේද? 1948 න් පෙර හා පසුව සිට මේ දක්වාම මේ කළු සුද්දන් ලංකාවට කල විනාශය අද උඩුදුවා ගිය මරණාසන්න තුවාලයක් බවට පෙරලී තිබේ.

  2. waruna says:

    Mahindage reli wala dennema nedda…???

  3. love nature says:

    සුද්දා විසින් අපේ කුළුබඩු ගෙන ගොස් අපට ඉස්තරම් Spiced බඩු එවනු ලැබේ. මේවා වෙළදාමේ අගතැන්පත් අපේ දේශපාලන සර් ලා ය. ඔවුන්ගේ පවුලටම බාර් ලයිශන් ඇත. ඉන්කම් එක නිකම්ම ලැබේ. ඔවුන් ඒවායින් හදිස්සියේ හොඳ රට සවාරියක් ගොස් එති. එක්තරා රැජිනක්ද මෙහි මූලිකත්වය ඉසිලීය. මෙම දේශපාලු හැත්ත නැත්තම් මෙරට රට බීම නැත. රට බීප නැත්තම් ඇම්බැට්ටයින් නැත. ඇම්බැට්ටයින් නැත්නම් දේශපාලුවන් නැත.

  4. love nature says:

    . බොරු කියනවානම්, මත්පැන් බොනවා නම්, ඔහු වසලයෙක් ය.

  5. sinha le says:

    යමපාලනයේ “දේශපාලකයන්ට පිරිත් කියන්න එපා. උන් පිරිත් අහන්නේ නැහැ. පිරිත්වලට දමල ගහනවා. මේ විපතින් රට බේරාගන්න රටට හොඳ අනාගතයක් දෙන්න සංඝරත්නය අවධි විය යුතු කාලයක් මේක. මේ ආණ්ඩුව පළවා හරින්න අපි එකතු වෙන්න ඕන. අපේ මහනායකවරුන්ටයි මේ කියන්නෙ“

  6. Saradiel says:

    යම් පාලකයෙක්‌ සුරාව සූදුව නීතිගත කරනවා නම් ඒ පාලකයා පරාභවයට යනවා. සුරාව සූදුව සමාජ ගත කරනවා නම් ඔවුන් වසලයින් වෙනවා.

  7. love nature says:

    අහල තියෙන කවියක්. ඒ දවස්වල ගමේ පොරවල් රා බීලා, වෙරි වෙලා, පොරත්වය ඔළුවට අරගෙන කෑ ගහමින් රණ්ඩුවලට පැටලිලා නිකං අතපය කඩා ගන්න හැටි ගැනයි මේ කවිය ලියවිලා තියෙන්නේ.

    රා බී සත පහක
    වෙරි වී පනම් හතරක
    දොඩවා රුපියලක
    අහෝ ගුටි කති පවුම් සීයක

    බීමේ ආදිනව ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ.

  8. love nature says:

    මත්පැන් පානය අපහට උගැන්නුවේ ඉංගිරිසි ජාතිකයන්ය ඔවුන් විසින් මෙසේ කලේ සිංහලයාට තිබෙන හිතෙෂි භාවයකට හෝ නැතිනම් සිංහලයා සතුව නොතිබූ ඉංගිරිසින් විසින් සොයාගත් ඉතා හොඳ ෙසෳඛක්‍යය සම්පන්න ක්‍රියාවක්, සිරිතක් හදුන්වා දීමට නොවේ හුදෙක් සිංහලයා විනාශ කිරීමටයි. ඉංග්‍රීසි විසින් කුමන්ත්‍රණ කාරිව කල ක්‍රියාව නොදැන අදටත් තම ජාතියේ අනාගතය නොතකා විශාල සිංහලයන් ප්‍රමාණයක් උපන් ශිෂ්ටාචාරයත්, සමාජයත් තම ෙසෳඛක්‍යයත් , ඉදිරි පරම්පරාවේ ජාන ද විකෘර්ති වන අන්දමින් තම බේබදුකම සිදුකරමින් තම ජාතිය වලපල්ලට ඇද දමයි. සිංහලයාගේ බිමේ පුරුද්දේ පසු පස ඇති හේතු සාධකය වර්තමානයේ ප්‍රසිද්ධියක් නොමැති නමුත් අතීතයේදී මෙම සිංහලයා බේබද්දන් කිරීමේ කුමන්ත්‍රනය හදුනාගත් උගතුන් හා ජාති හිතෙෂින් කල ප්‍රකශ කිහිපයක් දෙස හැරී බලමු. බේබදුකම පැතිරීම සමගම ආගම් මාරුවද එකට වේලි තිබී ඇත.

    යුරෝපිය පාදිලිරාරලා අනුව යන ක්‍රිස්තියානි සහෝදරවරුනි, අප රට සිංහලයන්ට පැමිණ තිබෙන විපත්ති බොහෝයි . එ නම් මත් පැන් පානය කිරීම, ශිල්ප කර්මාන්ත නැතිකමින් දුගීව සිටීම, ඒ නිසා චෟරකම් කිරීම, එයට දඩුවම් ලැබ බන්ධනාගාරවල දැමීම යනාදියයි. මනික්‍යරත්නයක් බඳු වූ අපේ චාරිත්‍ර ඉගෙන ගෙන රටට ජාතියට ප්‍රේමයෙන් ක්‍රියා කරනු. සුද්දා අප රටට වී වර්ෂ සියයක් ගත විය. මේ කාලය තුළ කර්මාන්තාදී යම්කිසි ක්‍රියාවක් අපට නුගන්වා අබින්, අරක්කු, විස්කි, බ්‍රැන්ඩි, බොන්ට ද ගොඝාතක සුකරඝාතකයන් කරවා අපට මහා විනාශද මේ පරදෙශිකයා විසින් පමුණුවනු ලැබ තිබෙයි. සිංහල ජාතිය වර්ෂ 2358 ක් මේ ලංකාව නිසා සාගරය පරදවන්න ලේ පුජා කර තිබේ. සිංහලයනි, යුරෝපියන් ගෙන් අපට ක්ශාන්තියක් මේ තෙක් ලැබී නැත. අප අතර සමගිය නැති කරන්නට යුරෝපියන් කටයුතු කරනු ලැබේ. ඕලන්ද කාලයේ අරක්කු විකිනීමට තිබුනේ නැත. පළමු වැනි වරට මත් පැන් බිම පුරුදු කරන්නට මාර්ග තැනුවෝ ඉංග්‍රීසිසීහු ම ය. වසල සුත්‍රයේ පෙනෙන අන්දමට මත් පැන් පානය කරන්නා ද කරවන්නාද වසලයන් හැටියට ගණන් ගෙන තිබේ.වර්ෂ 2358 ක් කිසි මත් පැන් වර්ගයක් පානය නොකර සිටි සිංහල ජනකාය නැති කරන්නට කට යුතු කළෝ අපට හිතැති සර්වසාධාරණ ඉංග්‍රීසි ජාතිකයෝය. අදායම වැඩි කරගැනීමට මේ සේ කරන්නට ඕනෑය යි පත්‍රයේ ප්‍රසිද්ධ වූ ලියවිල්ලෙන්ද පෙනේ. වීර වික්‍රකමකම් කළ සිංහලයන් ගේ ජාතභුමිය වූ ශ්‍රී ලංකා ද්විපය දෙමළ, ජා, චීන, පරංගි, ඕලන්ද, යන ජාතීන්ගෙන් ආරක්ෂා කරගත් නුමුත් මත් පැන් පොවා අසුරයන් දමනය කළ ශක්‍රයා මෙන් මත් පැන් නැමති විෂ බොන්නට දී සිංහලයන් නැති කිරීමට ඉංග්‍රීසි නිලධරයෝ ක්‍රියාරම්භ කළෝය. ක්‍රමයෙන් ගමක් පාසා අරක්කු බිම වර්ධනයට කට යුතු ය යි ඒ ඉංග්‍රීසි ලියවිල්ලෙන්ද පෙනේ.

    අනාගාරික ධර්මපාල තුමා 1911දෙසැම්බර් මස 23

  9. sinha le says:

    ඔබගේ මතකයට :

    ඉංග්‍රීසින් විසින් විදේශ රටවලට විශේෂයෙන් යැවු දැ..

    මිෂනාරීන් (ආගම් මාරුව සඳහා )
    බයිබලය (ආගම හදුන්වාදීම සඳහා)
    වෙඩි උණ්ඩ (සොල්දාදුවන් සහ ඒජන්තලා සමග රට යුද්ධ කොට ඇල්ලීම සඳහා)
    මත පැන්(ආදයම වැඩිකර ගැනීමට හා විශේෂයෙන් සිංහලයා නැසීමට

  10. BARCARDI says:

    If Beer is openely deliver, there must be many hard liquor.
    Since this SLFP president does not any thing about Economy and completely it is given to UNP he may think that to lift economy in the country Liquor is essential.

Main News