කොළඹ කුණු අදින්න කොම්පැණි දෙකකට දිනකට ලක්ෂ 50ක්..
November 30, 2017 at 4:40 pm | lanka C news
කොළඹ නගර සීමාව තුල එක්රැස්වන කැලි කසල බැහැර කිරීම වෙනුවෙන් එක් දිනක් සදහා රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් කොළඹ මහ නගර සභාව විසින් වැය කරන බව වාර්තා වෙයි.
පුද්ගලික සමාගම් දෙකකට කසල ටොන් එකක් සදහා රුපියල් 5600ක මුදලක් ගෙවනු ලබයි.
මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමත් සමග අදාල සමාගම් විසින් එකතු කරන කසල ප්රතිචක්රිකරණය කිරීමට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්යංශය පවරා ගනු ලැබීය.
එම කාර්ය සදහාද කසල ටොන් එකක් සදහා රුපියල් 5000ක මුදලක් ගෙවීමට නගර සභාවට සිදුව ඇත.
ඒ අනුව කසල ටෙන් එකක් මුතුරාජවෙලට බැහැර කිරීම හා ප්රතිචක්රිකරණය සදහා ටොන් එකකට ගෙවීමට සිදුව ඇති මුදල රුපියල් 10600කි.
E kiynne masekata kunu ekathu karanna withatak laksha 1500 Hoda hodda. Amathiyekge kompaniyakda. Kunu kiranna kauda? E unata pitakotuwe hama thanama kunu gade baha.
එතකොට නෙ පර්ලිමෙන්ථුඑ අදින්නේ මොනවද? කොටිද?කෝතිද?දාප්ලල්ලකෝ රොත්ටම දියවන්නාවට.