කොළඹ කුණු අපට එපා.. කරදියානේ මහ විරෝධතා.. කුණු පුරවාගත් ලොරි පෝලිමක් නන්නත්තාර්..

April 19, 2017 at 10:40 am | lanka C news
කොළඹ කුණු අපට එපා.. කරදියානේ මහ විරෝධතා.. කුණු පුරවාගත් ලොරි පෝලිමක් නන්නත්තාර්..

කොළඹ නගර සභා සීමාවේ එකතුවන කැලි කසල පිලියන්දල-කරදියාන කසල අංගනයට ගෙන ඒමට විරෝධය පල කරමින් ඒ අවට ජනතාව විරෝධතා ආරම්භ කර තිබේ.

කුණු පුරවාගෙන පැමිණි කොළඹ නගර  සභාවේ කුණු ලොරි දහයක් පමණ විරෝධකරුවන් විසින් හරවා එවා තිබේ. කුණු පුරවාගත් ලොරි රථ 30ක් පමණ විරෝධතාවය ආසන්නයේ නවතා තබා ඇත.

මේ හේතුවෙන් රත්මලාන-වේරහැර මාර්ගයේ දැඩි වාහන තදබදයක් මතුව ඇති අතර පොලිස් බලඇණි කිහිපයක්ම ඒ ආසන්නයට කැදවා ඇත.

කරදියාන කසල අංගනයට කොලඹ නගර සිමාවේ කුණු බැහැර කිරීම ආරම්භ කරනු ලැබුවේ අධිකරණය විසින් ඊයේ දිනයේ ලබා දුන් නියෝගයක් මතයි.

21 views
Main News