කොළඹ කුණු එකතුකිරීම නවතී.. නගරයම කුණු ගදින් පිරේ.. ගෙවල්වලත් මහ පාරේත් කුණු කදු ගොඩගැසේ..
April 19, 2017 at 1:20 pm | lanka C news
අද වන විට කොලඹ නගරයේ බොහෝ තැන්වල කුණු කදු ගොඩ ගැසී තිබේ.
ජනතා විරෝධතා හේතුවෙන් කරදියාන කසල අංගනයට කණු බැහැර කිරීමට අත්හිටුවීමත් සමග කුණු එකතු කිරීමේ ක්රියාවලිය මුළුමනින්ම පාහේ බිද වැටී ඇති අතර නගරයේ බොහෝ ප්රදේශවල දැඩි දුර්ඝන්දයක් පැතිරී ඇත.
නගර වාසීන් පවසන්නේ තම නිවෙස්වලද කුණු විාශාල වශයෙන් එකතු වී ඇතත් ඒවා ගෙන යාම සදහා නගර සභාව විසින් කටයුතු කරන්නේ නැති බවකි.
නගර සභාවේ පවිත්රතාකරුවන් ඇමතු විට කුණු බැහැරකිරීමට ස්ථානයක් නොමැති වීම නිසා එකතු කිරීම නවතා දමා ඇති බවට ඔවුන් පිලිතුරු දෙන බවද ජනතාව කියති.
ජනතාව මේවා විඳිය යුතුයි, විශේශයෙන් කොළඹ ජනතාව, ගෝටා නගරය ලස්සන කරන එක ඔය මිනිස්සුන්ට දරාගන්න බැරුවයි හිටියෙ, හොඳ වැඩේ…