‘කොළඹ කුණු එපා’ විරෝධතාවයේ යෙදුනු ගම්වැසියන්ට කදුළු ගෑස්, ජල ප‍්‍රහාර ගසා පන්නා දමති…

April 20, 2017 at 5:47 pm | lanka C news
‘කොළඹ කුණු එපා’ විරෝධතාවයේ යෙදුනු ගම්වැසියන්ට කදුළු ගෑස්, ජල ප‍්‍රහාර ගසා පන්නා දමති…

කොළඹ නගර සභාවේ කුණු තම ගම් ප‍්‍රදේශයට බැහැර කිරීමට විරෝදය පල කරමින් විරෝධතාවයේ යෙදුනු දොම්පෙ ප‍්‍රදේශවාසීන් එලවා දැමීම සදහා පොලිසිය විසින් අධි පීඩන ජල ප‍්‍රහාර හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කර තිබේ.

කොළඹ නගරයේ කුණු ලොරි 10ක් මෙම ස්ථානයට ගෙන ඒමත් සමග එහි තත්වය උණුසුම්කාරී විය.

උදෑසන කාලයේ සිටම මෙම පිරිස විරෝධයේ යෙදුනු අතර පොලිස් කැරලි මර්ධන ඒකකය ඇතුළු බල ඇණි කිහිපයක්ම එහි සිටියේ ජල බවුසර්ද සහිතවයි.

28 views
Main News