කොළඹ කුණු දමන්නන් අත්අඩංගුවට.. CID-හමුදා-පොලිස් මෙහෙයුම් ඇරඹේ..
June 16, 2017 at 8:40 am | lanka C news
කොලඹ නගරයේ මහා මාර්ගයන්ට කසල බැහැර කරන්නන් අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ රාත්රියේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
පොලීසිය හා හමුදාව එක්ව මෙම මෙහෙයුම ක්රියාත්මක කරයි. මීට අමරතව රහස් පොලිසියද යොදා ගන්නා අතර ඔවුන් කොළඹ නගරයේ සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි යොදවා ඇත.
නගර සභාව පවසන්නේ දිනකට ටොන් 800ක් පමණ බැහැර වන කසල ප්රමාණය අවම කර ගැනීම මින් අපේක්ෂා කරන බවයි.