කොළඹ කුණු දාන්න තැනක් නෑ.. කොලඹ නගරය සහමුලින්ම අකර්මන්‍ය වෙන්නයි යන්නේ.. – චම්පික

October 1, 2016 at 8:40 am | lanka C news
කොළඹ කුණු දාන්න තැනක් නෑ.. කොලඹ නගරය සහමුලින්ම අකර්මන්‍ය වෙන්නයි යන්නේ.. – චම්පික

කොළඹ නගර සීමාව තුල එකතුවන කැළිකසල බැහැරකිරීම මේ වන විට බරපතළ අර්බුදයක් වී ඇති බව මහනගර හා නාගරික සංවර්ධන අමාත්‍යංශය කියයි.

මීතොටමුල්ල කුණු කන්දට කව දුරටත් කසල බැහර කල නොහැකි බවත් කුණු කන්ද පිහිටි ඉඩම වහා නිදහස් කර දෙන ලෙස දැනටමත් අදාළ බලධරයන් වෙත ලිඛිතව දැනුම් දී ඇති බවත් ඇමති චම්පික රණවක මහතා පවසයි.

මේ වන විට මීතොටමුල්ලේ කුණු කන්දේ උස අඩි 175ක් තරම් වන බවද කී ඇමති රණවක කිසිසේතේම තවදුරටත් එහි කුණු ගොඩගැසීම කල නොහැකි බවද කියයි.

මේ තත්වය මත කොළඹ නගරයේ කැළි කසළ බැහැර කිරීමට නොහැකි වුවහොත් කොළඹ නගරය සහමුලින්ම අකර්මණ්‍ය විය හැකියැයිද ඇමතිවරයා අනතුරු අගවයි.

31 views

14 Comments to “කොළඹ කුණු දාන්න තැනක් නෑ.. කොලඹ නගරය සහමුලින්ම අකර්මන්‍ය වෙන්නයි යන්නේ.. – චම්පික”

  1. Boo says:

    ඇයි යකෝ කොළඹ කුණු ටික දාන්න තමයි තොගෙයි, රාජිතගෙයි කක්කුස්සි කටවල් තියෙන්නේ.

Main News