කොළඹ කුණු නසන්න ආ ජර්මානු සමාගමෙන් ඇමති චම්පික කෝටි 52ක් අල්ලස් ඉල්ලලා.. සමාගම යන්න ගිහින්..

April 19, 2017 at 9:20 am | lanka C news
කොළඹ කුණු නසන්න ආ ජර්මානු සමාගමෙන් ඇමති චම්පික කෝටි 52ක් අල්ලස් ඉල්ලලා.. සමාගම යන්න ගිහින්..

කොලඹ නගරයේ හා ඒ ආසන්නයේ එකතුවන කැලිකසලවලින් විදුලිය නිෂ්පාදනයට ආ ජර්මානු සමාගමකින් ඇමති චම්පික රණවක විසින් අති විශාල කොමිස් මුදලක් ඉල්ලා සිටි නාසා එම ව්‍යාපෘතිය අතහැර දමා සමාගම යන්නට ගිය බව එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කරයි.

ඇමතිවරයා යටතේම ඇති නාගරික සංවර්ධන අධිකාරිය විසින් 2016 වසරේදී අදාල ජර්මානු සමාගම තෝරා මෙම ව්‍යාපෘතිය සදහා තෝරා ගන්නා ලද බවත් එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නම් ඩොලර් මිලියන 3.5ක් හෙවත් රුපියල් කෝටි 52ක මුදලක් අල්ලස් ලෙස ලබා දෙන ලෙස ඇමති රණවක සිය ගෝලයන් මාර්ගයෙන් සමාගමට දැන්වූ බවත් එම පුවත් වාර්තාවේ දැක්වෙයි.

මේ නිසා එම ව්‍යාපෘතියද අතහැර දමා සමාගම යන්න ගිය බවද එහි සදහන්ය.

අදාල වාර්තාව මෙතනින්

109 views
Main News