කොළඹ කුණු ප‍්‍රශ්ණයට විසදුම එයි.. අරුවක්කාරු තෙක් කසල ගෙනයන්න අලුත් දුම්රිය 04ක් ගෙනෙයි..

January 6, 2020 at 8:40 am | lanka C news
කොළඹ කුණු ප‍්‍රශ්ණයට විසදුම එයි.. අරුවක්කාරු තෙක් කසල ගෙනයන්න අලුත් දුම්රිය 04ක් ගෙනෙයි..

අරුවක්කාරු කසල අංගනය වෙත කොළඹ සිට කසල ප්‍රවාහනය කිරීම සඳහා නව දුම්රිය එන්ජින් හතරක් ආනයනය කර ඇත.

මෙම එන්ජින් මෙරටට ගෙන්වනු ලැබ ඇත්තේ මහනගර සංවර්ධන අමාත්‍යාංශය විසිනි.

ඒ අනුව කොළඹ කසල ඉදිරියේදී දුම්රිය මාර්ග ඔස්සේ අරුවක්කාරු දක්වා ප‍්‍රවාහනය කිරීමට නියමිතව ඇත.

මෙහි මුල් සැලැස්ම තිබුණේද දුම්රිය මගින් අරුවක්කාරු දක්වා කසළ ප්‍රවාහනය කිරීමටයි.

නමුත් පසුගිය රජය විසින් ලොරි රථ මගින් ප්‍රවාහනය හේතුවෙනි අධික වියදමක් දරන්නට වූ අතර අමතර ගැටළු ගණනාවකට මුහුණ පෑමට සිදුවිය.

එමෙන්ම බොහෝ ස්ථානයන්හි එම ලොරු රථවලට එරෙහිව විරෝධතා ද සිදුකරනු ලැබීය.

දුම්රිය මගින් අරුවක්කාරු දක්වා කසල ප‍්‍රවාහනය කිරීමේ සැලැස්ම ගෝටාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම් සමයේ සැලසුම් කර තිබූ අතර යහපාලන රජය යටතේ එම සැලැස්ම සම්පූර්ණයෙන්ම විකෘති කරන ලදී.

31,598 Viewers

3 Comments to “කොළඹ කුණු ප‍්‍රශ්ණයට විසදුම එයි.. අරුවක්කාරු තෙක් කසල ගෙනයන්න අලුත් දුම්රිය 04ක් ගෙනෙයි..”

  1. YOHAN says:

    kohomath lorry walin kunu gena giye train geneanakan witharay . 2020 march di train meratata gena eemata niyamithawa thibuna . wikurthi kala news 1k

  2. හැඳි මිටේ නුවණ says:

    Mewa e widiyatama ganna api dasa raja modayo wenna ona. Mewa order kale kalin anduwen. Ethakan thama lorry walin adde. Dan ethakota Aruwakkal wala mewa dump karanakota parisaraya dooshanaya wenawaya kiyapu aya ko?

  3. Kapila says:

    ඇයි දුම්රිය දෙපාර්තුමේන්තුවේ පාවිච්චි කරපු එන්ජින් නැතුවටද අලුත් එන්ජින් ගේන්නේ. මේවත් කාට හරි ලොකු කුට්ටියක් යන නාස්තිකාර වියදම් තමයි .

Main News