කොළඹ කුණු සදහා නිවාස වලින් ගාස්තුවක් අය කෙරේ…

August 19, 2019 at 8:40 am | lanka C news
කොළඹ කුණු සදහා නිවාස වලින් ගාස්තුවක් අය කෙරේ…

කොළඹ නගර සභාවේ සීමාවේ පිහිටි නිවාස වලින් බැහැර කරන කසළ සඳහා ගාස්තුවක් අය කිරීමට එම නගර සභාව සාකච්ඡා කරමින් සිටී. නගර සභාවේ සීමාවේ පිහිටි නිවාස වලින් බැහැර කරන කසළ සඳහා ගාස්තුවක් අය කිරීමට එම නගර සභාව සාකච්ඡා කරමින් සිටී.

මෙම යෝජනාව ඉදිරියේ දී පැවැත්වෙන සභා වාරයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිත බව ද ආරංචි මාර්ග කියයි.

නගර සීමාවවේ නිවාස එක්ලක්ෂ හැටදාහක් පවතින අතර එම සෑම නිවසකින්ම කසල සඳහා ලබන වසරේ සිට ගාස්තු අයකිරිම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

කොළඹ නාගරික කොමසාරිස්වරයා ද සඳහන් කරන්නේ මෙවන් යෝජනාවක් දැනට සාකච්ඡා කරමින් පවතින බවයි.

මෙසේ මුදල් අය කිරීමට බලාපොරොත්තු වන්නේ කොළඹ නගරයේ කසල අරුවක්කාලු දක්වා ගෙන යාමට මසකට රුපියල් මිලියන 210 ක පමණ විශාල මුදලක් වැය වීම නිසාය.

කෙසේ වෙතත් නාගරික නිවාස සියල්ලෙන්ම මේ වන විටත් වරිපනම් ගාස්තුවක් අය කරයි.

13,838 Viewers

5 Comments to “කොළඹ කුණු සදහා නිවාස වලින් ගාස්තුවක් අය කෙරේ…”

  1. sl says:

    කුණු ප්‍රශ්නේ රජයට පමණක් අයිති නැහැ.මිනිස්සුත් දැනගන්න ඕනේ. කුණු ඉවත් කිරීම , වෙන්කිරීම, ආදිය හරියට කරන්න. දැනටත් කුණු වෙන්කරන පිරිස බොහොම අඩුයි. කොහොම හරි කුණු එකතු කරන කෙනාට ගානක් දීල ,PLASTIK, මිශ්‍ර කුණු නගර සභාවට පටවනවා.හරියට පාලනයක් තියෙනවනම් මේ කුණු ප්‍රශ්නය ඉතා පහසුවෙන් විසඳන්න පලුවන්. හැමෝගෙම සහය බලෙන් හරි ගතයුතුයි .

  2. සල්ලි එකතු කළා කියල අමුතු සැලැස්මක් ලැබෙනවද? රටේ මේ කොනේ තියෙන කුනු ඒ කුනු වලට කිසිම සම්බන්දයක් නැති රටේ එහා කොනේ ඉන්න මිනිස්සුන්ගෙ පරිසරයට ගිහින් දැම්මහම කොහොමද ප්‍රශ්නය විසදෙන්නෙ? ඒ පරිසරයත් විනාශ උනහම ජනතාවගෙන් ආයෙත් සල්ලි එකතු කරල තව තැනකට ගෙනියනවද? රට පුරා කුනු රවුම් ගහන මරු ප්‍රතිචක්‍රීකරණය.

  3. kosi84 says:

    Why we ahve to pay? We already pay them waripanaum Badu for the entire Year to the municipal council. This payment includes for cleaning drainage system, taking out garbage. Now what do they need money again from house hold ppl? blady crap

  4. Lol says:

    Waripanam gewanne ekatane. 8 pass nowuna gonnu nagarasaba walata chande deela dagaththama mehema wenawa. Anika hama sathiyema kunu geniyana ewun danatath salli aran thamai kunu geniyanne.

  5. bombili says:

    Need to pay as substantial part goes as commission to the 2 million Toilet lady.

Main News