කොළඹ කුනු අපිට එපා..සිවු දිගින් විරෝධතා.. දොම්පේ පාර, ලෝලෙවල් පාර වසති ටයර් පුළුස්සති..

April 18, 2017 at 5:30 pm | lanka C news
කොළඹ කුනු අපිට එපා..සිවු දිගින් විරෝධතා.. දොම්පේ පාර, ලෝලෙවල් පාර වසති ටයර් පුළුස්සති..

කොළඹ නගර සභාවේ කුණු කොටිකාවත්ත කසළ අංගණයට ගෙනවිත් දැමීමට ගෙන ඇති තීරණයකට විරෝධය පල කරමින් කොළඹ-අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයේ කොටිකාවත්ත හන්දියේදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වෙයි. මෙනිසා දැඩි රථවාහන තදබදයක්ද ඇතිව තිබේ.

මාර්ගය පුරා ටයර් පුළුස්සමින් විරෝධතාකරුවන් විරෝධයේ යෙදේ.

මේ අතර කොළඹ නගර සීමාවේ එකතු කරන කුණු දොම්පේ මාළිගාවත්ත රක්ෂිතය ආසන්නයේ ඇති කසල කළමණාකරණ මධ්‍යස්ථානයට ගෙන ඒමට විරුද්දව අද එම ප‍්‍රදේශවාසීහු මාර්ග අවහිර කරමින්වි රෝධතාවයේ යෙදුනහ.

පිරිස කියා සිටියේ කලින් දිනයේ දී කුණු ලොරි අටක් එහි ගෙන ආ බවත් තවත් ලෝරි එකක්වත් එහි ගෙන ඒමට ඉඩ නොදෙන බවත්ය.

මීට පෙරද අවස්ථා කිහිපයකදීම දොම්පෙ ප‍්‍රදේශවාසීන් කොලඹ කුණු ගෙන ඒමට විරුද්දව විරෝධතාවයේ යෙදුනහ.

31 views

5 Comments to “කොළඹ කුනු අපිට එපා..සිවු දිගින් විරෝධතා.. දොම්පේ පාර, ලෝලෙවල් පාර වසති ටයර් පුළුස්සති..”

  1. කුණු වලට ත් කනු කුනු says:

    විපක්ෂයේ ඉන්න කාලෙ හැමදාම ආණ්ඩුව කරපු වැඩ වලට කනු කුනු ගාපු රනිල්, ආණ්ඩුව අර ගෙන අවුරුදු ⁣2 ක් යද්දි රටේ ම මිනිස්සු රනිල්ට කුණු කුණු ගාන්න පටන් අරන්…..

    පව් ඉතිං රනිල් ව විස්වාස කරපු ඒ මිනිස්සු….කුණු කුණු ගගා ම ඉන්න තමයි තියෙන්නෙ…..රනිල් තාම ත් කරන්නෙ මහින්ද කරපු වැඩ වලට කනු කුනු ගාන එක….

    නියමයි….

    ආණ්ඩුව මින්ස්සුන්ට කනු කුනු ගානවා…
    මිනිස්සු ආණ්ඩුවට කුණු කුණු ගානවා…..

  2. සොබාදහම says:

    කුණු දමන අයට එතැනම දඩ ගසන්න
    සිංගප්පූරු නීතිය මෙහෙට ගෙනෙන්න
    සැවොම වීනිතව එය අනුගමන කරන්න
    ඔබ රැකුවම රට රැකුම පරිසරම වෙන්න

  3. Poson says:

    Wels close to Dompe area will be poluted. Dont let Colombo Municipilaty to store garbage Dompe.

  4. john says:

    The best place to all these garbage is Ranil, Sujeewa, SF, Rajitha, Ravi and CBK Mouths !!! They have space to dump tons of garbage.

  5. Bakaladasa says:

    Wait till the PM finishes his pending Indian tour.
    He’s sure to bring some novel solutions to the sewerage and garbage problem from there!
    Have patience !

Main News