කොළඹ කුලපති හිමිගේ පොත ජනපති පිලිගනී…

December 22, 2021 at 8:02 am | lanka C news
කොළඹ කුලපති හිමිගේ පොත ජනපති පිලිගනී…

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත “ජීනිවා පරාජයේ දෝංකාරය” කෘතිය (21) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණ.

ජීනිවා නුවර කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට බලපෑම් කිරීමට විවිධ ජාත්‍යන්තර සංවිධාන ගන්නා ලද උත්සාහයන් පිළිබඳ මාධ්‍යවල පළවන ප්‍රවෘත්ති අධ්‍යයනයෙන් සහ ජාතික ප්‍රශ්නවලට විසඳුම් සෙවීමේ ක්‍රියාවලියේ දී ලද අත්දැකීම් පාදක කරගනිමින් ආනන්ද හිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.

හිටපු අමාත්‍යවරයෙකු වූ ගුණපාල තිස්සකුට්ටිආරච්චි මහතා විසින් රචිත “දේශපාලනයේ සැඟවුණු කතා” ග්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණ.

කොළඹ හැව්ලොක් ටවුන් සාම විහාරාධිපති පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමියෝ ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

18,903 views

6 Comments to “කොළඹ කුලපති හිමිගේ පොත ජනපති පිලිගනී…”

  1. ඉංග්‍රීසි බැරි සුද්දෝ says:

    මෙපොතේ මේක තියනවද දන්නේ නැ. බටහිර (ජිනීවා) ඇතුළු සියලු බලවේග ජයග්‍රණයට එක් ප්‍රධාන හේතුවක් තමයි එම රජය ඉහලම සිටි බොහෝදෙනාට ඉංග්‍රීසි හරිය බැරි වීම. ඉතින් සුද්දෝ හොඳට බර තියලා රාජ්‍යතාන්ත්‍රික ඉංග්‍රීසි වලින් රජයේ ප්‍රධානීන්ට මොනවා කියුවත් එච්චර තේරුමක් නැ. ඔහේ යුද්දේ ගහගනම ගියා. ඒක අපිට වාසි උනා. රනිල් වගේ පොරක් ඔතන හිටියනම් ඉංග්‍රීසී තේරිලා ඕනෙවටත් වැඩිය බය වෙනවනවා. සමහරවිට යුද්දුය නවත්වයි. ඉංග්‍රීසි නොදන්නා කමත් රටට වාසියකට හිටිය.

    • කැළණි නයා says:

      විලිලැජ්ජා නැතිකම උපකුලපතිකමටත් වඩා ලොකුයි ලු නෙ.මේ රටේ ඉන්න පොඩි ලදරුවෙකුට උනත් තේරෙනව ආණ්ඩුවට විරුද්ධව වොයිස් කට් ෆ්‍රෙස් කොන් තියන් ආපු කෙනාට තනතුර දුන්නෙ ඇයි කියල.

  2. කුක්කා says:

    කොතරම් උගත් හිමිනමක් උනත් ජෙප්පන්ට වටින්නේ උන්ගේ වංචාකාරී වචන සෙට් එක දෙසාබාමින් ජනතාව නොමග යවන කෙනෙක් කුලපති ධූරයට පත් කිරීමටයි.

  3. Saleem says:

    මෙයා එයාට කුලපතිකමි දෙනව, එයා ලියන බහුබුත පොත් මෙයා දෝතින් පිලගන්නව.. ඩබල හරියට රයිගමයයි ගම්පලයයි වගෙ. රටෙ මිනිස්සු නං තුට්ටුවකට ගණන් ගන්නේ නෑ. Well done university students!

  4. සවි අරික්කාල says:

    අර් පේමදාස තමයි මෙයාට හොදටම සැලකුවේ ඵන්න කියලා අරලිය ගහ මන්දිරයට. ඒ කාලේ මිනිස්සු ඒවා දන්නවා.

Main News