කොළඹ කොටස් අදත් දැවැන්ත කඩා වැටීමක.. ගණුදෙනු අත්හිටවයි..

March 13, 2020 at 12:40 pm | lanka C news
කොළඹ කොටස් අදත් දැවැන්ත කඩා වැටීමක.. ගණුදෙනු අත්හිටවයි..

අද පෙරවරුවේ ගනුදෙනු ආරම්භ කිරීමෙන් පසු කොටස් වෙළෙඳපොළ විනාඩි 30ක පමණ කාලයකට අත්හිටවනු ලැබීය.

පෙරදිනට සාපේක්ෂව S&P SL20 දර්ශක 5%ට වඩා වැඩි ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් මෙම ගනුදෙනු අත්හිටුවනු ලැබීය.

මෙරට තුළ කොරෝනා රෝගීන් වාර්තා වීම සහ ගෝලීය වසංගත තත්වයක් ප‍්‍රකාශ කර තිබීම මත මෙම තත්ත්වය ඇති වී තිබෙන බව කොටස් වෙලදපල තැරැුවුකාර සමාගම් කියයි.

මේ සතිය තුලදී කොටස් වෙලදපල ගණුදෙනු අත්හිටුවනු ලද දෙවන අවස්ථාව මෙයයි.

169 views
Main News