කොළඹ කොටුවේ විරෝධතා.. මාර්ග වසයි.. දැඩි මාර්ග තදබදයක්..
December 18, 2017 at 1:20 pm | lanka C news
කොළඹ කොටුව ලෝටස් වටරවුම දෙසින් ගාළු මුවදොර දෙසට වන මාර්ගය පොලිස් මාර්ග බාධක යොදා වසා දමා ඇත.
අද පැවැත්වෙන විරෝධතා පාගමනක් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීම වැළැක්වීම සදහා මෙම පියවර ගෙන තිබේ.
විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ආසන්නයේ මාර්ග ගණනාවක දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.
හැකි තාක් විකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය රියදුරනේගෙන් ඉල්ලා සිටී.