කොළඹ කොරෝනා පාලනයෙන් ගිලිහෙයි… නගරය භයානක තැනක.. වසංගත රෝග විද්‍යා ප‍්‍රධානීට දැඩි චෝදනා..

November 23, 2020 at 10:00 am | lanka C news
කොළඹ කොරෝනා පාලනයෙන් ගිලිහෙයි… නගරය භයානක තැනක.. වසංගත රෝග විද්‍යා ප‍්‍රධානීට දැඩි චෝදනා..

අද වන විට කොළඹ නාගරික බල ප්‍රදේශය කොරෝනා වසංගත උවදුර විසින් ගිල ගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කොරෝනා දෙවැනි රැල්ල පහසුවෙන් පාලනය කරගත හැකිව තිබූ අවස්ථාව ගිලිහී ගියේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසා යැයිද එම සංගමය පෙන්වා දෙයි.

දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානම පසුගිය මාර්තු මාසයේදී තම සංගමය විසින් පෙන්වා දුන්න ද වසංගත රෝග විද්‍යා ඒකකය ඒ ගැන සැලකිල්ලක් නොදැක්වීම නිසා අද වන විට කොළඹ නගරය තුළ භයානක තත්වයක් නිර්මාණය වෙමින් ඇතැයි ද සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

වසංගත රෝග විද්‍යා ඒකකයට පළපුරුදු විශේෂඥ වෛද්‍යවරුන් දහයකට ආසන්න පිරිසක් අනුයුක්ත කර සිටියදී එම ඒකකයේ ප්‍රධානියා ඉන් වෛද්‍යවරු දෙදෙනෙක් පමණක් කොරෝනා මර්ධන කටයුතු සඳහා යොදා ගනිමින් අත්තනෝමතිකව කටයුතු කරන බව ද ඔහු චෝදනා කළේය.

මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

107,715 views

24 Comments to “කොළඹ කොරෝනා පාලනයෙන් ගිලිහෙයි… නගරය භයානක තැනක.. වසංගත රෝග විද්‍යා ප‍්‍රධානීට දැඩි චෝදනා..”

  1. සමන්ත says:

    වසංගත රෝග අංශයේ ප්‍රධානියා නිවැරැදි ඒයා දැනුම ගැන කාටවත් තර්ක කල නොහැක. ගම්පහින් කොරෝනා රෝගීන් වර්ථා වෙද්දී සාමාන්‍ය මිනිසුන් ඉල්ලුවේ ගම්පහ දිස්ත්‍රික්කය සම්පූර්ණයෙන් වහන්න කියලා කොරෝනා පාලනය කරගන්න බැරි තරම් වැඩි වුනාම වහලා දැම්මා. දැන් කොළඹ නගර සීමාව වහන්න කියලා එහි නගරාධිපතිනිය ඉල්ලනවා පාලනය කරගන්න බැරිව තවත් දිස්ත්‍රික්කයකට හෝ පළාතකට ව්‍යාප්ත වුනාම කොළඹ වහලා දායි. ඉතිං මේ වගේ මොලයක් කියන්නේ මහනුවර වරායක් හදලා නැව් පවා ගෙන්වා ගන්න පුලුවන් මොලයක්. කොරෝනා තාම සමාජගත වී නොමැති අතර වුහාන් පොකුරට සම්බන්ධව සමාජය කොරෝනා ගත වී රෝගීන් සහ මරණ ටිකෙන් ටික වැඩි වෙවී ඇත.

  2. Love nature says:

    කොළඹ නාගරික බල ප්‍රදේශය කියන්නේ මත පැනින් වැඩිම කලාපයයි දැන්වත් පාඩමක් ඉගන ගනීවි.

  3. ගමේ වෙදා says:

    හරිත අළුත්ගේ කියන්නෙ “චවු චවු” කෙනෙක් . GMOA කියන්නෙ වැඩ වර්ජන කරල රෝගීන් පෙලා තමන්ට වරදාන ලබාගත් හිතක් පපුවක් නැති ත්‍රස්ථවාදී සංවිධානයක් . ඔවුන් මේ අවස්ථාවේ කරන්නේ කොරෝනා උවදුර දඩමීමා කරගෙන ඔවුන්ට ඉහල තනතුරු ලබාගැනීමට තැත්කිරීමක්

  4. sena says:

    මේම නිළධාරින් පත්කරන්නෙ සොඛ්ය ඇමති දැනුවත්ය සොඛ්ය ඇමති වගකිවයුතුයි රට මේ තත්වයට පත්කලාට
    සොඛ්ය ඇමතිකමටට් සොඛ්ය විෂය පිළිබදව දැනුමක් ඇති අයෙක් පත්වුවානම් මේ විනාසයත් නොවෙන්න තිබුනා
    ගරු ජනාධිපතිතුමනි සොඛ්ය ඇමතිකමටත් දැනුමක් ඇති අයෙක් පත්කරන්න

  5. jaya sri says:

    කොළඹ මිනිසුන්ගේ පාලනයක් නැති නිසා තමයි මේ ලෙඩ රෝගය පැතිරෙන්නේ.

Main News