කොළඹ කොරෝනා පාලනයෙන් ගිලිහෙමින්.. මූලාශ‍්‍ර නැති රෝගීන් මතුවෙයි.. භයානක තත්වයක්..

October 26, 2020 at 10:22 pm | lanka C news
කොළඹ කොරෝනා පාලනයෙන් ගිලිහෙමින්.. මූලාශ‍්‍ර නැති රෝගීන් මතුවෙයි.. භයානක තත්වයක්..

අද වන විට කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ වල කොරෝනා පාලනය සෞඛ්‍ය බලධාරීන්ගේ පාලනයෙන් ගිලිහෙමින් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ තත්ත්වය පාලනය කිරීම සඳහා උපරිම වෙහෙසෙමින් සිටින බවයි.

කොරෝනා ව්‍යාප්තිය රට තුළ දැඩි අවදානම් සහ භයානක තත්ත්වයට පත්ව ඇතැයිද ඔහු පැවසීය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ හා වෛරසය රට පුරා පැතිර ගොස් ඇති බවත් එහි ඇතැම් ආසාදිතයන් හදුනාගත නොහැකි බවත් ඔහු පවසයි.

තවත් බොහෝ ස්ථානවලින් මූලාශ්‍ර හඳුනා ගැනීමට නොහැකි ආසාදිතයන් හමුවෙමින් ඇති බවත් ඒ මහතා පෙන්වා කියා සිටියේය.

90,735 views

11 Comments to “කොළඹ කොරෝනා පාලනයෙන් ගිලිහෙමින්.. මූලාශ‍්‍ර නැති රෝගීන් මතුවෙයි.. භයානක තත්වයක්..”

  1. ශාලින්ද්‍ර says:

    brandix හොඳයි යි යියි යි …. , මුල සිට පුවත් වාර්තා බැලුවා ම .. ඒක පොඩි ළමයෙක් ට හිටං තේරෙනවා ,
    ඒ වාගේම ජනමතය වෙන ම පැත්තකට හැරවීම වාර්තාකරන ව්‍යාපාරයේ තවත් පැතිකඩක් , එල කිරි …
    ඔහොම යමු , සුව මැතිනි කීවා නෙව තාමත් ~ ”සමාජ ගත වෙලා නැහැ” ~ කියාල ,/

    මෙදා සැරේ නා..ගනී ද මන්ද

  2. මර්තේනිස් අයියා says:

    මේ තත්වයට මේ කාලකණ්නි පාලකයන් වගකිවයුතුයි කොරෝනා දෙවැනි රැල්ල ඇතිවෙනවිට ආණ්ඩුව කළේ කයිවාරැ ගහන එක විතරයි මුලදීම රට සති දෙකකටවත් ලොක්ඩවුන් කළානම් මේ තත්වය පාලනය කරගන්න තිබුනා එවෙලේ මුන් ඔක්කොම කළේ කයිවාරැ ගැහුව එක විතරයි මුන්ට කොරෝනා වලින් ජනතාව මුදවා ගන්නවාට වඩා 20සම්මත කරගෙන තම බලය තහවුරැ කරගැනීමයි වැදගත් වුනේ.රටේ මිනිස්සුන්ට ඕන දෙයක් වෙන්න කියලා මුන් කළේ බලා හිටිය එක විතරයි.අපිත් මේ ආණ්ඩුව බලයට ගේන්න කර ගහලා බර ඇදපුුමිනිස්සු ඒත් දැන්නම් ලැජ්ජයි.

    • lakshitha says:

      හරි අමාරු ඇති කරගහල. වාග් විලාසෙන්ම තේරෙනව යහපාලනේ කරගහගෙන ඉන්න සජබයියෙක් කියල.

    • Razor says:

      මර්තේනිස් ගොයියෝ, ඔබ නම් කථාවේ පෙනෙන හැටියට ආණ්ඩුව ගෙනෙන්නම කර ගහපු විත්තිය පේනවා. 20 සම්මත කිරීම හෝ උසස් පෙළ විභාගය හෝ වේවා වෙනම කරුණුය.
      නමුත් මුල් සතියක් දෙකක් ගම්පහ පමණක් වසා දැමීමට වගකිව යුත්තන්ට බුද්ධිය නොතිබුණ බව පිළිගතයුතුය. ගම්පහ පමණක් වසා දැමීමෙන්, සති දෙකකින් රට කඩා වැටෙන්නේ නැත. දැන් ඇතිවී තිබෙණ තත්වය ඊට වඩා සංකීර්ණය. ගරු ජනාධිපති තුමනි. සෞඛ්‍ය අමාත්‍යාංශය කයිවාරු නැති සුදුස්සෙකුට භාර දෙන්න.

    • Labba says:

      අනේ පලයං බං උබ ඔක්කොම හරි උනත් අන්තිම වාක්‍ය නම් බොරැවක්

  3. prasantha says:

    gvt is bathing

  4. මහ මොළකරු says:

    දැන් ඇති එකම විසඳුම චීන එන්නත වහාම ලබා දීම පමණයි.

  5. hatarawaram says:

    Dan 2/3 Atha gaaagena innai thiyenne ….

  6. mahinda says:

    මේ තත්වයට මේ කාලකණ්නි පාලකයන් වගකිවයුතුයි කොරෝනා දෙවැනි රැල්ල ඇතිවෙනවිට ආණ්ඩුව කළේ කයිවාරැ ගහන එක විතරයි මුලදීම රට සති දෙකකටවත් ලොක්ඩවුන් කළානම් මේ තත්වය පාලනය කරගන්න තිබුනා එවෙලේ මුන් ඔක්කොම කළේ කයිවාරැ ගැහුව එක විතරයි මුන්ට කොරෝනා වලින් ජනතාව මුදවා ගන්නවාට වඩා 20සම්මත කරගෙන තම බලය තහවුරැ කරගැනීමයි වැදගත් වුනේ.රටේ මිනිස්සුන්ට ඕන දෙයක් වෙන්න කියලා මුන් කළේ බලා හිටිය එක විතරයි.අපිත් මේ ආණ්ඩුව බලයට ගේන්න කර ගහලා බර ඇදපුුමිනිස්සු ඒත් දැන්නම් ලැජ්ජයි

Main News