කොළඹ කොරෝනා පාලනය වූයේ අප දුන් පේයාව පැකට් නිසා..- රෝසි

May 23, 2020 at 3:00 pm | lanka C news
කොළඹ කොරෝනා පාලනය වූයේ අප දුන් පේයාව පැකට් නිසා..- රෝසි

කොළඹ නගරය තුළ කොරෝනා වෛරසය ඇතුළු සියලූ‍ම බෝවන රෝගවලට ඔරොත්තු දෙන පරිදි තමන්ගේ ශරීරයේ ප‍්‍රතිශක්තිකරණය වැඩිකිරීම උදෙසා වන පේයාවක් සහ පවුඩරයක් කොළඹ මහ නගර සභාවේ ස්වදේශීය වෛද්‍ය අංශය මගින් නොමිලේ ජනතාව අතරේ බෙදාදීමට පියවර ගෙන තිබේ.

කොළඹ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ උපදෙස් පරිදි නාගරික කොමසාරිස් නීතින්‍ය රෝෂිණී දිසානායක මහත්මියගේ අධීක්ෂණය යටතේ මෙය හඳුන්වා දෙනු ලැබූයේ ලොව බොහෝ රටවල දැනටමත් වේගයෙන් පැතිරයන කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වා ගැනීමට ශ‍්‍රී ලංකාව තුළ බොහෝ දෙනා වැඩි අවධානයක් යොමු කරඇති නිසාවෙනි. කොළඹ මහ නගර සභාවේ ස්වදේශීය වෛද්‍ය අංශය මගින් මෙම පවුඩර් එක රසකිඳ,, ඉරිවේරිය, වෙනිවැල්ගැට, කුරුඳු පොතු, පෙරුම්කායම් ඇතුළු දේශීය ඔෘෂධ රැුසක් මිශ‍්‍රකර සකස් කර ඇතැයි කොළඹ නාගරික කොමසාරිස් නීතින්‍ය රෝෂිණී දිසානායක මහත්මිය පැවසුවාය.

මෙය ග‍්‍රෑම් 50 ක පැකට්ටුවක් ලෙසින් ජනතාව අතට නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇතැයි ද ඇය සඳහන් කළාය. දැනටමත් මෙම පේයාව කිලෝ හත්සියකට අධික ප‍්‍රමාණයක් කොළඹ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට, වතු ආශ‍්‍රිත නිවාස වලට,මහල් නිවාස සංකීර්ණවල පදිංචිකරුවන්ට,තවත් බොහෝ පිරිසකට මෙම පේයාව ලබාදීමට කටයුතු කළ බවද ඇය කියා සිටියාය.

එහෙත්, මෙම පැකට්ටුව කොරෝනා වෛරසයටම ප‍්‍රතිකර්මයක් නොවන අතර,වෛරසය ආසාදනය වීම වැළැක්වීමට සමත් ප‍්‍රතිශක්තිකරණය වැඩිකරන ඖෂධයක් ලෙස නම්කර තිබේ. ශරීරයේ ප‍්‍රතිශක්තිය වැඩිකරන ආරක්ෂක උපක‍්‍රමයක් ලෙස ද මෙම පවුඩර් එක සහ පේයාව භාවිතා කළ හැකිය.

කොළඹ මහ නගර සභාවට අයත් ආයුර්වේද බෙහෙත් ශාලා 20 ක් ඇති බවත්, ඒවායින් ද මෙම ප‍්‍රතිශක්ති වර්ධක පේයාව නොමිලේ ලබාගත හැකි බවත් නාගරික කොමසාරිස්වරිය කියා සිටියාය. කොරෝනා රට තුළ ව්‍යාප්ත වූ මුල් කාලයේදීම මෙම පේයාව කොළඹ නගරයේ වැසියන්ට ලබාදීමට ක‍්‍රියාකිරීමේ ප‍්‍රතිඵලයක් හැටියට නගරය තුළ මේ වනවිට කොරෝනා පැතිරීම පාලනය වී ඇතැයි ද ඇය සඳහන් කර සිටියාය.

– divaina

570 views

34 Comments to “කොළඹ කොරෝනා පාලනය වූයේ අප දුන් පේයාව පැකට් නිසා..- රෝසි”

  1. Saradiel says:

    එන මැතිවරණයට වෙළද දැන්වීමක් පමණයි නොරැවටෙනු

  2. Love nature says:

    අනුන්ගේ පහනින් එළිය බලනවා වාගේ.

  3. නිමල් says:

    අනේ මොලේ

  4. Saleem says:

    රෝසි කියනව මෙයාගෙ පේයාවෙන් තමයිළු ලංකාවේ කොරෝනා පාලනය වුනේ. නමුත් ඛෙදල තියෙන්නේ කිලෝ 700 ක් 50 පැකට්වලින්. එතකොට පැකට් 14,000 යි. ලංකාවේ ජනගහනය කෝටි දෙකක් කියල මං අහල තියෙනවා. මොකක්ද මේ ගෑණි දොඩවන්නේ?

Main News