කොළඹ කොරෝනා සමාජ පැතිරීමක..? විශාල පොකුරක අවදානමක්.. සංචරන සීමා ගැන අවදානය..

April 21, 2021 at 10:00 am | lanka C news
කොළඹ කොරෝනා සමාජ පැතිරීමක..? විශාල පොකුරක අවදානමක්.. සංචරන සීමා ගැන අවදානය..

කොළඹ නගර සීමාවේ කොරෝනා ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය 8%ක් දක්වා අලුත් අවුරුද්දෙන් පසුව ඉහළ ගොස් තිබේ.

කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරන්නේ අලුත් අවුරුද්දට පෙර එම අගය වාර්තා වූයේ පරීක්ෂණ සීයක් කළ විට ඉන් පුද්ගලයන් දෙදෙනෙකු හෝ එක් අයකු පමණක් බවයි.

19 වැනිදා පුද්ගලයන් 225 දෙනෙකු අහඹු ලෙස පරික්ෂා කිරීමෙන් 18 දෙනකු ආසාදිත ලෙස හමුවූ බවත් එය 8%ක ප්‍රමාණයකට ඉහළ ගොස් ඇති බවත් ඔහු කියා සිටියේය.

මෙය ඉතාම පරීක්ෂාකාරී විය යුතු තත්ත්වයක් එය ද ඒ මහතා සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයයේ මතය වන්නෙ අහඹු ලෙස සිදු කරන පරීක්‍ෂණවලින් 5% ඉක්වමා රෝගීන් වාර්තා වන්නේ නම් එය සමාජ පැතිරීමක් බවයි.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ කොරෝනා විශාල පොකුරක් ඇතිවීමේ අවදානමක් ඇති නිසා ජනතාව ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බවයි.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් ආසාදිතයන්ගේ වර්ධනයක් වාර්තා වෙමින් ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

කොරෝනා රෝගය ක්‍රමයෙන් වැඩි වන විට අප නොදැනුවත්ම විශාල පොකුරු ඇතිවිය හැකි බවත් මෙය ඉතාමත් භයානක තත්ත්වයක් බවත් එසේ වුවහොත් නැවත වරක් රට තුළ සංචරණ සීමා ඇති කිරීමට සිදු වනු ඇති බවත් හෙතෙම පැවසීය.

48,191 views

9 Comments to “කොළඹ කොරෝනා සමාජ පැතිරීමක..? විශාල පොකුරක අවදානමක්.. සංචරන සීමා ගැන අවදානය..”

  1. වරාය හුදකලා... says:

    වරාය පනත සම්මත කරන්න ඡන්දය විමසන අවස්ථාවේ රට හුදකලා කරන්න වගේ යන්නෙ…

  2. හුදකලා වරායේ says:

    වරාය පනත සම්මත කරන්න පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම තියන්න කිට්ටු වෙනකොට රට හුදකලා වෙන තත්ත්වයක් තියෙන්නෙ….!

  3. මාක්ස්වාදී ජෙප්පා says:

    රතු තරුව කාඩර් වරු දාලා මුලු කොලබටම කේරල ගව මුත්‍රා බෙදුවොත් වැඩේ හරි යයිද?

  4. Deelaka Fer says:

    දැන්වත් තේරුම් ගනිල්ලා මේ රජය හැම දෙයකින්ම ෆේල් කියලා

  5. බොමු අපි බොමු අපි පැණි පෙරලා says:

    සිංහල අවුරද්දේ නිවාඩු ගත්ත කොරෝනා මැයි පළමුදා වෙනකොට ම සීග්‍ර ලෙස පැතිරෙන්න ගත්තා නේ. අච්චර පොල් පටවලා බස් වල කොච්චි වල යනකොට, පොර කකා රෙදි කඩවල් අස්සේ රිංගන්න කොට, ගම් මැද්දේ තෙල් බෙදනකොට ඕක කවුරුත් දැක්කේ නැහැනේ. මල්ලි අපි හරි වෙනස් ජාතියක් මල්ලි, ඒකනේ අපිට අනිත් මිනිස්සු වහල්ලු කියන්නේ.

  6. ශිරා says:

    හිත නිවන කතා.

    කොරෝනා සමාජ ගතවෙලා නෑ.
    ලංකාව චීනෙට විකිණිලා නෑ.

  7. සනත් ඉතාලිය says:

    ගහනව කියල දැනගෙන හිටියට මෙහෙම ගහයි කියල හිතුවෙ නැහැ කොහොමත් හිතුවෙ නැහැ කීව වගේ. පරෙස්සමින් සියලුම සවුක්‍ය්ය ආරක්ශන ක්‍රම අනුගමනය කරමින් තම පවුලට ඉතාම සමීපත්‍යින් සමග අවුරුදු සමරන්න ඊවට මෙහෙම ගාල කඩාගත්තු හරක් වගේ අවුරුදු සමරයි කියල හිතුවෙ නැහැ .කොහොමද ගැලපීම

  8. Love nature says:

    මත්පැන් වල ප්‍රතිපල ඔහොම යන්

  9. Nandasoma Suri says:

    කොරෝනා පැතිරුණත් කමක් නැහැ……..! මිනිස්සු මැරුණත් කමක් නැහැ……! රට සංවර්ධනය වෙනව කියල කියුවට සංවර්ධනයක් දුප්පත් මිනිස්සුන්ට නම් දැනෙනන්නෙත් නැහැ…..!!! දේඔපාලුවන් සහ ධනපතීන් නම් දිනෙන් දිනම සංවර්ධනය වෙනව……!!!

Main News