කොරෝනා 100%කින් පාලනයේ.. ගතවූ දින 14 කිසිදු ආසාදිතයෙක් නෑ..

May 15, 2020 at 6:30 am | lanka C news
කොරෝනා 100%කින් පාලනයේ.. ගතවූ දින 14 කිසිදු ආසාදිතයෙක් නෑ..

ගතවූ දින 14ක කාලයේ දී කොළඹ නගර සීමාව තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නැතැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා සඳහන් කරයි.

අවසන් වරට නගර සීමාවෙන් ආසාදිතයෙකු වාර්තා වූයේ පසුගිය පළමු වැනිදාය.

එතැන් සිට මේ දක්වා කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවූ බව ඔහු සඳහන් කළේය.

මේ වන විට කොළඹ නගර සීමාවෙන් ආසාදිතයන් 127 ක් වාර්තා වී ඇති අතර ඉන් වැඩි කොටස කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතෙන් වාර්තා වී ඇත.

එම ප්‍රදේශයෙන් ආසාදිතයන් 105 දෙනෙකු සොයා ගෙන තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ කොළඹ නගරයේ කොරෝනා අවදානම මේ වනවිට 100%කින්ම පාලනය වී ඇති බවයි.

අද දිනයේ සිට කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවත හා ජාඇල සුදුවැල්ල ප‍්‍රදේශය විවෘත කර ඇති අතර ඒ අනුව මෙරට තුල කිසිදු ප‍්‍රදේශයක් වසා දමා නැත.

244 views
Main News