කොළඹ කොරෝනා 18% තෙක් ඉහලට.. අහඹු පරීක්‍ෂණවල රෝගීන් සීඝ‍්‍ර වර්ධනයක්.. දෙසතියකට රට වසා දමන්නැයි කියයි…

April 24, 2021 at 9:20 am | lanka C news
කොළඹ කොරෝනා 18% තෙක් ඉහලට.. අහඹු පරීක්‍ෂණවල රෝගීන් සීඝ‍්‍ර වර්ධනයක්.. දෙසතියකට රට වසා දමන්නැයි කියයි…

කොළඹ නගර සභා සීමාවේ රෝගීන් 4% සිට 18% දක්වා 14%කින් පසුගිය සතියේ වර්ධනය වී ඇති බවත් ඒ හේතුවෙන් එළඹෙන සතියේ සිට කොළඹ නගර සභා සීමාව තුළ නිවාස සංකීර්ණ, ආයතන වල ඇන්ටිජන් පරීක්ෂාව ආරම්භ කරන බවත් උපුල් රෝහණ මහතා පැවසීය.

එළඹෙන සතිය වනවිට කෝවිඩ් රෝගීන් වාර්තාවීම විශාල ලෙස ඉහළ ගියහොත් සති දෙකක කාලයක් රට වසා දමන ලෙසට තම සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයට යෝජනා කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

රටපුරා කෝවිඩ් රෝගීන් වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත් එම රෝගීන් හමුවන්නේ අහඹු ලෙස සිදුකරන පී.සී.ආර්. සහ ඇන්ටිජන් පරීක්ෂණ හරහා බවත් ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් එළඹෙන සතිය වනවිට නගර සහ ජනතාව රුස්වෙන ප්‍රධාන ස්ථාන රුසක ඇන්ටිජන් පරීක්ෂාව ආරම්භ කරන බවද හෙතෙම කීය.

කොළඹ, ගම්පහ, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල රෝගී වාර්තා වීම ඉහළ ගොස් ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

55,297 views

5 Comments to “කොළඹ කොරෝනා 18% තෙක් ඉහලට.. අහඹු පරීක්‍ෂණවල රෝගීන් සීඝ‍්‍ර වර්ධනයක්.. දෙසතියකට රට වසා දමන්නැයි කියයි…”

  1. මාක්ස්වාදී ජෙප්පා says:

    කොරෝනා කියල දෙයක් නෑ. කොරෝනා කියන්නෙ සෙලවෙන මණසට.

    ධනපති පන්තියේ පාලකයන් ඔය බොරු කියන්නෙ පීඩිත පන්තිය යටපත් කරන්න. පීඩිත පන්තියේ මැයි රැලිය තියන්නම ඕනේ.

    -ඔබ සැමට කාල් මාක්ස් පිහිටයි-

  2. රන්ජන් says:

    මේ යකාට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ රටම වහගන්න. යකෝ උඹේ පඩිය ආණ්ඩුවෙන් බොලාගෙ අතට දුන්නට එදාවේල කන උන් හුලංද බොන්නේ ? උඹේ රාජකාරිය හරියට කරලා කොරෝනා අඩු කරන්න සෞඛ්‍ය අංශ වලට සහය දීපං. තව එකක් කියන්න ඕනෙ. මුන්ගේ වෘත්තීය සමිති නායකයන් වගේ නෙමේ ගමේ ඉන්න Phi ලා මහන්සි නොබලා වැඩ කරනවා. එතුමන්ලට අපේ ආචාරය.

  3. sunimal says:

    දෙසතියකට රට වසා දැමීම ඉතා හොද කරුණක්.

  4. " ලවුඩ්ස්පීකර් පිරිත් නම් මේ පාර එපා " says:

    ලවුඩ්ස්පීකර් හයියෙන් දාන්න නම් එපා හාමුදුරුවනේ

  5. Aesla says:

    මැයි දිනේට එන සෙනග දැක්කම ස ට රෙවෙයි කියලා බයට කොහමටත් මැයි දිනේ තියෙන සතියෙම රට වහනවා.

Main News