කොළඹ-ගම්පහ අඛණ්ඩ ඇදිරි නීතියත් ඉවතට..?

May 23, 2020 at 11:20 am | lanka C news
කොළඹ-ගම්පහ අඛණ්ඩ ඇදිරි නීතියත් ඉවතට..?

එළඹෙන අඟහරුවාදා දින සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකහි ද ඇඳිරි නීතිය සෙසු දිස්ත‍්‍රික්ක ආකාරයට ලිහිල් කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත් වී ඇත.

ඒ අනුව බොහෝදුරට ලබන සදුදා දිනයේ අවසන් සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගැනීමට නියමිතව ඇති බව ඉහළම පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය.

දැනට දින 23 පමණ කාලයක් තිස්සේ සමාජයෙන් කිසිදු කොරෝනා වෛරස ආසාදන නොවූ නිසා මෙම තීරණය ගැනීමට නියමිතව ඇත.

දැනට කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ වැලිසර නාවික හමුදා කඳවුරේ සහ විදේශයන්ගෙන් පැමිණෙන පිරිස් වලින් පමණක් නිසා තවදුරටත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල අඛණ්ඩ ඇඳිරි නීතිය පවත්වාගෙන යෑම අවශ්‍යතාවයක් නොමැති බව රජයේ අදහස වී ඇත.

ඒ අනුව අගහරුවාදා දින සිට බොහෝ දුරට සෙසු දිස්ත්‍රික්කයන්හි ක්‍රියාත්මක ආකාරයටම රාත්‍රී කාලයේදී පමණක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙක තුලද ඇදිරි නීතිය ක‍්‍රියාත්මක කිරීමක් සිදුවිය හැකි බවත් එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියේය.

75,302 Viewers

13 Comments to “කොළඹ-ගම්පහ අඛණ්ඩ ඇදිරි නීතියත් ඉවතට..?”

  1. අනුර නායක තුමා ජෙප්පා says:

    අපේ හඳුන් ජෙප්පා සහ බිමල් ජෙප්පා කිව්ව විදිහට වැඩ කල නිසා කොරෝනාව පාලනය කෙරන්න හැකි උනා. ජවිපෙ ට ඉස්තුති කර අපිට චන්දෙ දීල මාව වත් පාර්ලිමේන්තු යවන්න.

    • ගන්ජ බන්ඩා says:

      රාජපක්ෂලා මගෙන් අහගෙන මටත් නොකියා ජනතාවට පකිනෙල් දීලා කොරෝනා යටපත් කලා. ජවිපෙ ට නෙවෙය් මට චන්දෙ දීලනොමිලේ සියලු සම්පත් ගන්න මාව අගමැති කොරන්න. – සජී පුතා.

      • අපි යූඑන්පී says:

        ඇමරිකාවට කියල සජී පුතාට උපදෙස් දෙන්න 🐘 චන්දෙ දීල අපේ රනිල් නායක තුමා සහ අකිල සහ රවී සහ පිරිස මංත්‍රී කොරන්න.

        • Billa says:

          අනාගත වෛරස් රෝග තර්ජන වලට නිර්භීතව මුහුණ දීම සඳහා ජනතාවට එළුවන්ගේ මුත්‍රා සැපයීමේ වැඩ පිළිවෙලක් කෙරෙහි ලපකුමා තුමාගේ අවධානය යොමුවී ඇත. ලක්‍ෂ 3 වන පාක්‍ෂිකයෝ සෑම අයෙකුටම එළුවන් යටත් පිරිසෙයින් 3 x 3 = 9 දෙනෙක් ඇතිකිරීම සඳහා සහනාධාර ලබාදෙනු ඇත. මුලින්ම පැටවුන් ලබාගැනීම සඳහා මුත්‍රා වැඩිපුර ලබාදෙන ජෙප්පා වර්ගයේ එළු බිත්තර 10 බැගින් සෑම පාක්ෂිකයකුටම මහා සම්මේලනයක් පවත්වා ලබාදෙනු ඇත. (වැඩි විස්තර පසුවට)

    • රියල් ජෙප්පා says:

      අඩෝ! මහින්ද බෑ ම කියද්දී යුද්ධෙ කෙරෙව්වෙත් අපි තමයි ඩෝ!
      අපි කියපු රටවල් දිහා බලාගෙන තමයි ගෝටා කොරෝනා පැරැද්දුවෙත්!
      ජවිපෙ දිනේවා! හාමු රජ වේවා!
      ආ… අමතක උනා.

      මහින්ද හොරා! මහින්ද හොරා!!!!

  2. Podda says:

    Woow.. Great.
    We are back to normal. Normal life again
    Thanks all

  3. ඕව බලු වැඩ…..තව මාස හයක්වත් ලොක් ඩවුන් කරල තියන්න ඕනෙ…..අපි මොනවද පාක්ශිකයින්ට කියන්නෙ ?…….

  4. rajapaksa waadiyaa says:

    මට නම් තේරුම් ගන්න බැහැ අනිල් ජාසිංහ මහත්තයෝ කොරෝනා දැන් සමාජයේ පැතිරීමක් නැති නිසා කොළඹ සහ ගම්පහ දවාලට ඇඳිරි නිතිය අයින් කරලා රාත්‍රියට ඇඳිරි නිතිය දාන්නේ ඇයි ? කියල.රාත්‍රියට උසාවි වැඩ නොකරන නිසාද?එහෙම නැත්නම් කොරෝනා වෛරසය ලංකාවේ එන්නේ රාත්‍රියටද?මගේ වැටහීම නම් රාත්‍රියට රාත්‍රියට පමණක් ඇඳිරි නිතිය දාන්න ඕන ත්‍රස්තවාදී ක්‍රියා සහ මංකොල්ලකෑම් සහ හොරකම් වගේ දේවල් මර්ධනයටයි.එමනිසා ඔබතුමා දැන් මැතිවරණයක් තියන්න පුළුවන් කියල අධිකරණයට දැන්නුව වගේ නොබියව ජනපතිට කියන්න රාත්‍රියට ඇඳිරි නිතිය දැමීමෙන් කොරෝනා මර්ධනයට සෙතක් වෙන්නේ නැහැ,නිරපරාදේ ජනතාවට හිරිහැර වෙන එක පමණයි කියල වෙන්නේ.එහෙම නැත්තනම් රට්ටුන්ට කියල දෙන්න රාත්‍රියට ඇඳිරි නිතිය දැමීමෙන් කොරෝනා මර්ධනය වෙන්නේ කොහොමද?කියන එක.එහෙම නැත්නම් ඉතින් අපට හිතන්න වෙනවා මේක මේ ආණ්ඩුව කරන මවා පෑමක් කියල චන්දය තියන්න ඕන කමට කොරෝනා දැන් අවසන් කියල පෙන්වන්න.

    .එකක් කියන්නම් ඔය සෙල්ලම් දාල වැරදිලාවත් කොරෝනා නැවත සිඝ්‍රයෙන් පතිරුනොත් ජනතාවට වරද පටවන්න නම් ලැස්ති වෙන්න එපා අපි දුන්න සෞඛ්‍ය නිර්දේශ ජනතාව පිලිනොපැද්ද නිසා තමයි කියල මේ විනාශය උනේ.එහි වගකීම ඔබ සහ මේ චන්ද ආණ්ඩුව යුතුයි.කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ ප්‍රබලයෝ කියපු දේවල් අන්තර් ජාලයේ video වල තියෙනවා අපේ ජනතාව කියන දේ අහන්නේ නැති ජනතාවක් කියල,අන්න ඒ වගේ ජනතාවක් එක්ක කියල අපට මේ සටන කරන්න වෙලා තියෙන්නේ.

    • Kadiya says:

      බයවෙන්න එපා, අනාගත වෛරස් රෝග තර්ජන වලට නිර්භීතව මුහුණ දීම සඳහා අපේ අසහාය නායක ලපකුමාර තුමා වැඩපිළිවෙලක් හදල තියෙන්නේ. ඔයත් ඉක්මනට එළුවන් ඇතිකිරීමේ ප්‍රොජෙක්ට් එකට ඇතුල්වෙන්න. එළු බිත්තර රක්කවලා පැටවූ අරන් මීට පස්සේ කොරෝනා එන එක නවත්වන ජ්‍ව්ප් ජාතික වැඩ පිළිවෙලට සම්බන්ධ වෙන්න.

    • Nihal says:

      රෑ ඇදිරි නීති දාන්නෙ බීල පාටි දාල පිස්සු කෙලින උන් ලෙඩේ බෝකර ගන්න නිසා.රෑ ඇදිරි නීතියට විරුද්ධ හොරකමේ යන උනුයි බීල පිස්සු කෙලින උනුයි .

  5. හිච්චිමහත්තෙයා says:

    දැං කට්ටිය වස්තරේ උස්සං මොරදෙයි මානව අයිතිවාසිකං කඩනෝ කියාල!

  6. A citizen says:

    Seems to be a bold ,timely decision,which the people have
    to exercise cautiously.