කොළඹ, ගම්පහ, කළුතර කොරෝනා අධි අවදානම් දිස්ත‍්‍රික්ක ලෙස නම් කෙරේ.. නැවත දන්වන තුරු ඇදිරි නීතිය.. අවශ්‍ය භාණ්ඩ නිවසට..

March 24, 2020 at 3:00 pm | lanka C news
කොළඹ, ගම්පහ, කළුතර කොරෝනා අධි අවදානම් දිස්ත‍්‍රික්ක ලෙස නම් කෙරේ.. නැවත දන්වන තුරු ඇදිරි නීතිය.. අවශ්‍ය භාණ්ඩ නිවසට..

කොරෝනා අධි අවදානම් කලාප ලෙස කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක ප්‍රකාශයට පත් කර ඇත.

එම අධි අවධානම් දිස්ත්‍රික්ක තුනෙහි පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම දිස්ත්‍රික්ක තුනෙහි අද වන විට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව තිස් හතක් වෙයි.

මෙම දිස්ත්‍රික්ක වල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඖෂධ ගෑස් ඇතුළු සෙසු භාණ්ඩ අඛණ්ඩව ලබා දීමේ සැලැස්මක් හෙට දිනයේ සිට ආරම්භ කරන බවද ගැන නිවේදනය සඳහන් වෙයි.

එමෙන්ම අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවසටම ගොස් අලෙවි කිරීම සඳහා වැඩපිළිවෙළක් ද ආරම්භ කර තිබේ.

දිස්ත්‍රික්ක තුන සඳහා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද පෙරවරුවේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව විශාල වශයෙන් රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතළ බාධාවක් යැයි සෞඛ්‍ය බලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත ඇතැයිද නිවේදනයේ දැක්වෙයි.

422 views

21 Comments to “කොළඹ, ගම්පහ, කළුතර කොරෝනා අධි අවදානම් දිස්ත‍්‍රික්ක ලෙස නම් කෙරේ.. නැවත දන්වන තුරු ඇදිරි නීතිය.. අවශ්‍ය භාණ්ඩ නිවසට..”

  1. Nawodhi says:

    Lock-downing is not the solution for Corona. Start food distribution for homes for money.