කොළඹ, ගම්පහ, කළුතර කොරෝනා අධි අවදානම් දිස්ත‍්‍රික්ක ලෙස නම් කෙරේ.. නැවත දන්වන තුරු ඇදිරි නීතිය.. අවශ්‍ය භාණ්ඩ නිවසට..

March 24, 2020 at 3:00 pm | lanka C news
කොළඹ, ගම්පහ, කළුතර කොරෝනා අධි අවදානම් දිස්ත‍්‍රික්ක ලෙස නම් කෙරේ.. නැවත දන්වන තුරු ඇදිරි නීතිය.. අවශ්‍ය භාණ්ඩ නිවසට..

කොරෝනා අධි අවදානම් කලාප ලෙස කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්ක ප්‍රකාශයට පත් කර ඇත.

එම අධි අවධානම් දිස්ත්‍රික්ක තුනෙහි පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම දිස්ත්‍රික්ක තුනෙහි අද වන විට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව තිස් හතක් වෙයි.

මෙම දිස්ත්‍රික්ක වල ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඖෂධ ගෑස් ඇතුළු සෙසු භාණ්ඩ අඛණ්ඩව ලබා දීමේ සැලැස්මක් හෙට දිනයේ සිට ආරම්භ කරන බවද ගැන නිවේදනය සඳහන් වෙයි.

එමෙන්ම අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවසටම ගොස් අලෙවි කිරීම සඳහා වැඩපිළිවෙළක් ද ආරම්භ කර තිබේ.

දිස්ත්‍රික්ක තුන සඳහා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද පෙරවරුවේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදී ගැනීමට ජනතාව විශාල වශයෙන් රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතළ බාධාවක් යැයි සෞඛ්‍ය බලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත ඇතැයිද නිවේදනයේ දැක්වෙයි.

455 views

21 Comments to “කොළඹ, ගම්පහ, කළුතර කොරෝනා අධි අවදානම් දිස්ත‍්‍රික්ක ලෙස නම් කෙරේ.. නැවත දන්වන තුරු ඇදිරි නීතිය.. අවශ්‍ය භාණ්ඩ නිවසට..”

  1. sw says:

    ලීසිං ගෙවාගන්න බැරුව දගලන අයට අවස්ථාවක් දෙන්න .හැබැයි සත්තුවගේ දගලන උන්ට නෙමෙයි .

    • Saman says:

      යකෝ ඔය ඇඳිරි නීතිය අයින් කරල පොදු ප්‍රවාහනය නවත්වපල්ල. මිනිස්සු එක් රැස් වෙන අවස්ථා තහනම් කරපල්ල උත්සව රැස්වීම් වගේ . ඔය ගෙදරට ගෙනත් දෙන වැඩේ වෙන්නෙ නෑ.

      • වෙසමුණි says:

        නොදන්න මගුල කට වහං හිටු බූරුවා. සමහර ප්‍රදේශ වල දැනටමත් ඒක පටන් අරන් ඉවරයි.

      • Hkgf says:

        ‌ෙම් රජයෙ එකෙකුටවත් තේරුන් නැද්ද 6-12 ඇදිරිනීතිය අයින් කරාම මිනිස්සු පොර කනව කියල. ඒක අපිටත් කලින්ම තේරුන දෙයක් පස්සෙ තමයි නිරීක්ෂණය කරා කියල වෙනස් කරන්නෙ. අඩුම ගානෙ ඇදිරිනීතිය අයින් කරන වෙලාව හරි වැඩි වෙලාවක් කලින්ම දාන්න තිබුන. සෞඛ්‍ය කාර්යය මණ්ඩලය, හමුදාව ලොකු දෙයක් කරනව. හැබැයි පොර ටෝක් දෙන සමහරුයි තමන් ගැන මෝඩ අධි තක්සේරුවයි රටටම හොද නෑ.

  2. සිරා says:

    අනාවැකි කියන පොට්ටයා ඇතුළු ඉසවරැ ටික මොනවද දන්නේ නෑ කියන්නේ මේ ගැන.එතකොට අර කාලීන බණ සෙට්,රහත් වෙලා කිියා ගන්නා අය.

  3. Dr Nimal says:

    All doctors should compulsorily call for duty and they should be LOCKDOWN until the situation gets clear. Most of the hospital’s ward doctor and senior doctors not staying on duty and they use the junior doctors to run the ward because they want to stay out of the risk hiding behind their privileges. Army officer should appoint for each ward to monitor just like how china did.

    This situation is very evident in Ragama Hospital.

    Health department vacant doctors in branches like MRI (medical research institution) doctor should be used to treat patients.

    If the situation get bad this is the only option to effectively look after patients and stop transmitting the virus from medical staff to their love ones.

  4. 😥😥😥😥😥😥😥🙏🙏 says:

    කොරෝනා ආලය කරන්නේ කාටදැයි දන්නවද
    පාට පක්‍ෂ ජාති ආගම් නොබලාය ඔබ දන්නවද
    වැරදී මුසුවුනොත් හුස්මනල විඳින දුක දන්නවද
    ඔවදන් පිලිපැද බේරීම එකම අදිටනය දන්නවද

  5. thilak says:

    කලින් නිවුස් එකේ තියෙන්නේ, … ” මෙරට තුළ මේ වන තෙක් මුහුණු ආවරණ පැලදීමේ අවශ්‍යතාවයක් මතු වී නැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. කොරෝනා වෛරසය මෙතෙක් සමාජයීය වශයෙන් මෙරට තුළ පැතිරී නොමැති බවද ඔහු පැවසීය.”

    එතකොට මෙතන කියන්නේ වෙන දෙයක්..” ජනතාව විශාල වශයෙන් රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතළ බාධාවක් යැයි සෞඛ්‍ය බලධාරීන් විසින් නිරීක්ෂණය කර ඇත”

    යකෝ මුන් ඔක්කොටම අමු කැවිලද කොහෙද ? මිනිස්සු ආසාවට පෝලිම් වල හිටියේ නැහැ. ඒ ඉඳලත් අන්තිමට ඇතුලට ගියපුවහම අත්‍යවශ්‍ය බදු කියන එව්වා ඔක්කොම ඉවරයි. 2 කටත් කලින් කඩ වැහැව්ව .. බොරුවට කඩ ඇරලා තියන්න කියල පොලිසිය පොර ටෝක් දුන්නට.

  6. rodrigo says:

    True. In most areas people were crowded to buy their daily needs. This should not have happened during an epidemic. It would have been wiser to open the shops and educate the people.

  7. Janaka says:

    Actually this should be happened …..and Please arrange the delivery with the card payment facility also…

    • Anonymous says:

      Totally agreed. Card Payments should be there because most people have to wait in a queue at ATMs. If the card payment facility is there people can buy their goods without using physical money.

  8. nishantha says:

    මිනිස්සු ලග සල්ලි නැත්නම් බඩු ගෙදෙරට ගෙනත් දුන්නා කියලා ගන්නේ කොහොමද. අඩු ගානේ ATM එකකින් හරි සල්ලි ගන්න දින කීපයකට වරක් ඇදිරි නිතිය ඉවත් කිරීම කල යුතුය. මෙය බලදාරීන්ට වැටහේවා.

    • samantha says:

      පොඩි පොඩි ප්‍රශ්න වලට මූණ දෙන්න යන්න එන්න පුළුවන් බන්. ඒවා ඒ ඒ අවස්තා වල හැටියට කෙරෙයි. ගේන දේවල් වලට කාඩ් වලින් ගෙවන්න පුළුවන් නම් ඒක ලේසියෙන් කරත හැකි නේ.බඩු ගෙනත් දුන්නම කාඩ් එකෙන් ගෙවිය හැකි.
      මූලික දේ මිනිස්සු ගොඩ දෙනෙක් එකම වෙලාවක එලියට බහින එක.

    • එළකිරි says:

      ඉස්සර “මුන්ට ලූස් ” කියලා ෆිල්ම් එකක් ආවා..දැන් පර්ට් ටූ ආපහු ඇවිත්

    • Anonymous says:

      100% ක් ඇත්ත. කාඩ් එකෙන් මුදල් ගෙවලා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමේ පහසුකමක් තිබුණා නම් ඉතා හොඳයි. ATM යන්ත්‍ර ඉස්සරහ තිබුණු පෝලිම් දිහා බලද්දී මිනිස්සුන්ට ගෙදරට බඩු ගෙනත් දුන්නත් මිල දී ගැනීමේ අපහසුතාවක් තියෙනවා.

    • නාමල් ජයතිලක says:

      ගෙදරට බඩු ගේනකොට අදාළ බැංකුවේ ATM මැෂින් එකත් ලොරියේම පටවන් එනවා. බැසිල් එහෙම තමයි advice කරලා තියෙන්නේ.

      • Hoo !!! says:

        පස්ස අතගාලා බලහං මොලේ අතට අහු වෙයි.

        • නාමල් ජයතිලක says:

          හහ් හහ් හා .. මම දන්න තරමින් අර බය්යන්ගේනම් මොලේ තියෙන්නේ ඔයා කියන තැන තමා.. පොඩ්ඩක් බලල කියන්නකෝ.

  9. lotus says:

    ගැසට් ගැහුවත් වැඩක් නැහැ, අද බඩු ගන්න පෝලිම් වල ඉඳලම එපා උනා. නිකරුනේ වටිනා කාලය කා දමන වැඩක් මේක.
    ඉඳල ඉඳල ඇතුලට ගියපුවහම රතුළුණු ගෙඩියක්වත් නැහැ. සමහර වයසක අම්මල, තාත්තල අව්වේ පැය ගානක් ඉඳල කලන්තේ දාලා. මිනිස්සු නැති බැරි කමට එනවා මිසක් අසාවට එනවා නෙමෙයි නේ .
    පොලිසිය කිව්වා, කීය උනත් කමක් නැහැ හැමෝම බඩු අරන් ඉවර වෙනකන් කඩ වහන්න එපා කියල. ඒ උනාට හවස 2 ටත් කලින් පොලිසිය ඇවිත් පෝලිම් වල හිටපු මිනිස්සු එලවල, බලෙන්ම සුපර් මාර්කට් වල දොරවල් වැහැව්ව. කියන කොට එහෙමයි කරනකොට මෙහෙමයි.
    මට දැන් හිතෙනවා අර බැංකු ලෝන්, ලිසිං ගෙවන එකත් එහෙම තමා කියල.
    මගුලක් නොකර ඉස්සෙල්ල මිනිස්සුන්ට ජිවත් වෙන්න ක්‍රමයක් හදන්න. මිනිස්සු නැතුව මොකා හිටියත් වැඩක් නැහැ රට පාලනය කරන්න.

  10. Nishantha says:

    How to order good
    good
    Any web site please

Main News