කොළඹ, ගම්පහ, කළුතර දිස්ත‍්‍රික්ක තුනටම ඇදිරි නීතිය පනවයි..

October 28, 2020 at 2:30 pm | lanka C news
කොළඹ, ගම්පහ, කළුතර දිස්ත‍්‍රික්ක තුනටම ඇදිරි නීතිය පනවයි..

හෙට මධ්‍යම රාත‍්‍රියේ සිට සඳුදා අලුයම 5.00 දක්වා බස්නාහිර පලාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ නොවැම්බර 02 සඳුදා අලුයම 5.00 දක්වා එම ඇදිරි නීතිය ක්‍රියාත්මක බවයි.

කෙසේ නමුත් දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරි නීතිය ඒ ආකාරයෙන්ම දිගටම ක්‍රියාත්මකය.

ඒ අනුව හෙරට මධ්‍යම රාත‍්‍රියේ සිට කොළඹ ගම්පහ කළුතර යන දිස්ත්‍රික්ක 03ටම ඇදිරි නීතිය ක‍්‍රියාත්මකය වෙයි.

50,920 views

13 Comments to “කොළඹ, ගම්පහ, කළුතර දිස්ත‍්‍රික්ක තුනටම ඇදිරි නීතිය පනවයි..”

  1. lotus says:

    Too late …………..

    • dev says:

      good
      no need to close office days. night is fine

      we have to live like this

      • කරීනා says:

        රෝගය රාත්‍රියටද හැදෙන්නේ? 🤔දවල් තිස්සේ ඇවිදලා හැදෙන්නේ නැද්ද? Office වහලා ආර්තිකය ගෙනියන්නත් අමාරුයි.තේරෙනවා. ඉතාලියත් නොවසා ඉන්න හැදුවේ.ඒත් පාලනය ගිලිහුනු විට වෙන විකල්පයක් නැහැ.

    • criminal says:

      උඹත් too late.

  2. ආගමික ශබ්ද දූෂණය එපා says:

    අහල පහල අයට හිරිහැර වෙන විධිහට පන්සල් වලින් පීකර් මහ හයියෙන් දානවා. මේක පුදුම කරුමයක්. කොරෝනා හැදෙන හොඳයි අපට. ටික දවසකට කොහෙ හරි ඉස්පිරිතාලෙකට ගිහින් කණක් ඇහිලා ඉන්න පුළුවන්..මල කරුමෙ උදේ පහටයි – හවස පහටයි පටිසන් දෙනවා හැමදාම. දුශ්ශීල පර හැත්ත. බුදුන්වහන්සේ දේශනා කලේ අවිහිංසාවාදය මිසක් හිංසාවාදය නොවෙයි.

    • opps says:

      එතකොට පල්ලි/දේවාල ok ද

      • ආගමික ශබ්ද දූෂණය එපා says:

        අල්ලා හු අක්බාර් විතරක් ඇහෙන්න තිබුනා නම් ඇති.

    • pirith bale says:

      pirith wale bale ubata terunne nethi wenne uba thanakola kana nisa wenna athi…..ekata thamai kiyanne pawkarakama kiyala….

    • CNW PATHIRANA says:

      But nobody has the right to impose pirith or any other blessings on others.

    • සමනලයා says:

      ඔයාට තියෙන්නේ ඔය කමෙන්ට් එක විතරමද දාන්න. ඔයා ක්‍රිස්තියානින් බහුලව ඉන්න අපේ පැත්තට එන්න. එකම සුරැවමේ පිරිත්, කතෝලික දේව මෙහෙය සහ ක්‍රිස්තියානි (මෙතඩිස්) දේව මෙහෙය යන අපූරුව බලන්න. මම අහලා තියෙනවා අමනුෂ්‍යයන්ට පිරිත් ඇලජික් කියලා.. ඔයාගේ තියෙන අමනුෂ්‍යය බලය අයින් කර ගන්න. ඔයාගේ ආගමට අණුව..

      • පීස් ඔෆ් පීස් says:

        දුශ්ශීල අයගේ කටින් පිටවෙන දෙයින් සෙතක් නැහැ.පිරිත හෝ ග්‍රේගොරියන් චාන්ට් එක උනත්. වැසිකිලි වලින් සමන් පිච්ච සුවද හමයිද? පිරිත් අහන අයගේ සංවමයක්, ශාන්ත බවක් තියෙන්න ඕනේ.එහෙම අය කෝ? බුදු හිමි, ජේසු තුමා, නබී තුමා අද නැහැ. ඒ දහමත් නැහැ. කාටවත් කරදරයක් නොවී ජීවත් වීමට ඉඩ හැරීම මානව අයිතිවාසිකමක්. එතුමන්ලාගේ ඉගැන්වීමේ කොටසක්. ජේසු තුමා බුදු හිමියන් මේවා අනුමත කරන්නේ නැහැ.

  3. සමන්ත says:

    අස්සයා පැන ගියාට පසුව ස්තාලය වසා දැම්මා වගේ. ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් එක්කෙනා දෙන්නා හමු වෙද්දී කල යුතුව තිබු දේ කළානම් අස මෙතරම් ආසාදිතයින් හමු නොවෙන්න තිබුනා. ආර්ථිකය ක්ය කියා ගම්පහ දිස්ත්‍රික්කය ඇර ගෙන සීටීමේ ප්‍රථිපලය තමයි මේ.

  4. Mangala says:

    නිරෝදායන අැඳිරි නීතිය ක්‍රියාත්මක වෙන ගමන්ම කඩ අැරලා තියන්න කියලත් කියනවා.හරි අපැහැදිලියි.??

Main News