කොළඹ ගම්පහ කළුතර පුත්තලම ඇදිරි නීතිය 11 සිට ලිහිල් කරයි.. නිවේදනය මෙන්න…

May 1, 2020 at 9:04 pm | lanka C news
කොළඹ ගම්පහ කළුතර පුත්තලම ඇදිරි නීතිය 11 සිට ලිහිල් කරයි.. නිවේදනය මෙන්න…

කොරෝනා වෛරසය අධි අවධානම් දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම දිස්ත්‍රික්ක වල ඇඳිරිනීතිය පැවැතෙද්දීම ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරී යතා තත්වයට පත් කිරීම මැයි මස 11 වැනි සඳුදා අරඹන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

සෙසු දිස්ත්‍රික්ක වල ඇඳිරිනීතිය මැයි මස 06 වන බදාදා දක්වා ඇදිරි නීතිය ක‍්‍රියාත්මක වනුයේ රාත‍්‍රී 08.00 සිට අලුයම 05.00 දක්වා ය.

බදාදා රාත්‍රී 08.00 පනවනු ලබන ඇඳරී නීතිය මැයි මස 11 වන සඳුදා අලුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මක වෙයි.

ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් මේ බව දන්වමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

———–

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය මැයි 06, බදාදා දක්වා ක්‍රියාත්මක වනුයේ කලින් පරිදි රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වාය.

මේ දිස්ත්‍රික්කවල මැයි 06, බදාදා රාත්‍රී 8.00ට පනවනු ලබන ඇඳිරි නීතිය මැයි 11 සඳුදා අලුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතී.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම පිණිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සඳුදා සිට විවෘත කොට පවත්වාගෙන යා යුතුය.

සේවා අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙනු ලැබේ. ආයතන විවෘත කොට පවත්වාගෙන යාමේදී කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ මුළුමනින්ම පිළිපදින බවට ආයතන ප්‍රධානීන් වගබලාගත යුතුය.

දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල ඇතුළු රාජ්‍ය ආයතනවල සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව තීරණය කිරීමට පිළිවන. පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළයුතු වේලාව උදේ 10.00 ලෙස නියම කර තිබේ.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම නතර කළයුතුව ඇත. ගමනාගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප්‍රවාහනය රැකියා සදහා යන එන අයට පමණක් සීමා කෙරේ.

අවශ්‍යයෙන්ම සේවයට වාර්තා කළයුතු අය හැර සෙසු ජනයාගෙන් රෝග නිවාරණයට සහාය වනු පිණිස නිවෙස්වලම රැඳී සිටින්නැයි ඉල්ලීමක් කෙරේ. කවරකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණි. මේ සෑම අවස්ථාවකම කොරෝනා පාලන සෞඛ්‍ය නිර්දේශ අකුරටම පිළිපැදිය යුතුය. පොලිස් බලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් වලංගුවන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේනම් පමණි.

කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි මස 6 වෙනි බදාදා දක්වා ක්‍රියාත්මක වනුයේ කලින් පරිදි රාත‍්‍රි 08.00 සිට අළුයම 5.00 දක්වාය.

මේ දිස්ත්‍රික්ක වල මැයි මස 6 වන බදාදා රාත්‍රී 8.00 ට පනවන නීතිය මැයි මස 11 වන සඳුදා අලුයම 5.00 දක්වා එක දිගට ක්‍රියාත්මකව පවතී.

– ජනාධිපති මාධ්‍ය අංශය

668 views

23 Comments to “කොළඹ ගම්පහ කළුතර පුත්තලම ඇදිරි නීතිය 11 සිට ලිහිල් කරයි.. නිවේදනය මෙන්න…”

  1. Chinthana says:

    Date of election Predated…

    Its simple… Nothing think too much … Commissioner of election would revised & declared the date of election as on 1st of June 2020.
    On the other hand Dr P B Jayasundara,Director general of Health, & Chief Justice are completely out of charge as respondent.

    • JVP-UNP හවුල says:

      අපිට අරකේ අමරුවය මුන් කියන කියන සැරේට චන්දෙ දාන්න යන්න.. කොරෝනා ඉවරයි කියල WHO එකෙන් සහතිකයක් දෙන්න කලින් චන්දෙ තිබ්බොත් අනිවාර්යෙන් අපි ජිනීවා මානවහිමිකම් කොමිසමට පැමිණිලි කරනවා. ආයේ දෙකක් නැහැ මුන් ඔක්කොම මකබෑ විලා යන්න.

      • ගොන් බයියා says:

        චන්දෙ තියල පොහොට්ටුව දිනා ගත්තට පස්සෙ අපි ඔක්කොම මළත් කමක් නෑ සර්

  2. Gorilla says:

    Okkoma ekai koi anduwa awath minisunge amarukam therenne na. I vote for gota last election, but this time i ll not vote anyone for sure.

    • Kevin says:

      Eka nan aitta ban.. moda sirisenayawat upades denawada manda..

    • Mrs Gorilla ඔයා ලංකාවේ නම් වෙන්න බැහැ මන්ද යත් මෙපමණ ජනතාව වෙනුවෙන් මෙහෙවරක් කරන රජයක් පවතින්නේ ලංකාවේ පමණයි. ඔබ නොදන්නවා ද මන්දා සුදු රටවල් මෙම රෝගයට Asian countries වල ලෙඩුන්ට සලකන්නේම නැහැ. මට හිතෙන්නේ ඔයා සත්පුරුෂයෙක් නම් නෙමේ ලාංකීකයන්ගෙන් මුල අමතක එක්කෙනෙක්ගෙන් එකෙක්. අනික සදාකාලිකව රට වහන්න පුලුවන්නද ? රෝගයෙන් වෙන් වෙන්න අපි රටාව හදා ගන්න ඔිනේ. ධර්මය නොව ලාංකික කම ඉස්මතු කරගන්න. අනික දේශපාලන පුතිපත්ති ඔබ සතුය. ඔබ උපන්ගෙයිම UNP කියලා මම දනිමි. ඔබත් මඩපාලුගේ කාණ්ඩායමේ අනුශාඛාවක් කියාද දනිමි.
      ලාංකිකකම ඉස්මතු කරගන්න. දේශපාලනයෙන් ජනාධිපති ගෝඨාය මැතිදුන් නැතිව ඔබ පක්ෂයේ ගුනමකුවන් සිටියානම් අද අපිත් තවත් එක් Americaවක් පමණයි.

      • Alapaluwa says:

        මේ පාර පොහොට්ටුවෙ චන්ද ගොඩක් අඩු වෙනව බන්. උබල වගේ මැරුවත් බයියො අඩුයි. මොකද සදාකාලික ඇඳිරි නීතිය තිබ්බත් උබලට වගේ තුන් වේල නොමිලේ කන්න හම්බවෙන පිරිස අඩුයි.

        • ජය says:

          තමුන්ලා නොමිලේ කෑවට අලපාලු ගෙරියෝ . අදටත් අප සේවය කර පඩි ලබන්නේ. තොපි ඡන්දෙට බයේ ලපං ගැහුවට තොපිලට තිබ්බ ලබ්… නැති වෙනවා සිකුරුයි මෙවර මැතිවරණයේදි. සරණයි අලපාලු රැලට

        • ගෙම්බා says:

          Is this the real aalapaluwa or the rogue?

          • vishnu says:

            මිනිහ අර හිරු එකේ රංගන වගේ පැදුරටත් නොකියා U ටර්න් එකක් ගහල බන්.

      • ලක්මල් says:

        පලයන් යන්න බත් බැලයා

      • Gorilla says:

        පල ඩෝ යන්න. මම චන්දෙ දුන්නේ ගෝටභයට තමා. ‍යුඑන්පී ජේවීපි එවුන්ට ජීවිතේටවත් චන්දෙ දෙන්නේ නැ. හැබැයි මෙපාර දෙන්නේ නැ මොකද මට ජීවත් වෙන්න විදිහක් නැ.මගේ ආදායම නැතිවෙලා. ආන්ඩුවෙන් දෙන රුපියල් පන්දාහ කොහොමත් මට ලැබෙන්නේ නැ, ගන්නත් බැ. තොපේ ඇදිරිනීතිය කිව්වට ගොඩක් සුපර්මාර්කට්වල පිටිපස්ස පැත්තෙන් ඇතුලුවෙලා බඩු ගන්න පුලුවන්.ඒවයේත් බඩු නැ ,තියෙන බඩු ගන්නත් සල්ලි නැ. කහකුඩු වගේ අත්‍යවශ‍ය දේවල් වත් නැ. තොපි වගේ පුන්නකු කන වල් පරයින්ට ඔවා තේරෙන්නේ නැ. වැලලියන් ගෙදර ඉදන් අවජාතක හැත්ත.

        • ටොයිබයියා says:

          මේ පාර election එකට sure ඉල්ලනවද?

  3. jk says:

    Government seems targeting 20th June when there is corona rising in the country. disappointing.

  4. Chinthana says:

    Anura… This is not parliament… Why are you so foolish… It’s a get-together invited only previous member of parliament only…. You can consider as a G C E (ORDINARY) LEVEL CLASS.

  5. Please respect to the Law in order to save our Life.

    Corona is the major issue now in the world. So please do our responsibility and the commitment.

  6. Kevin says:

    Mona magulakda mai. Ethakota nic huta patai naidda. Eka eka welawata eka eka huta pata. maikat nikan yahapalanai wage wegena enawane..

  7. උක්කුං මල්ලී says:

    ආයෙත් ඇන ගන්න හදන්නේ. රනිල් වික්‍රමසිංහ වගේ දුර දක්නා නුවණ තියෙන නායකත්වයක් අවශ්‍යම කාලයක්.

    • jayalath says:

      ටෞක්කුන්…කවදද ලොකුවෙන්නෙ?

      • Alapaluwa says:

        රනිල් එක්ක හවුල ආන්ඩුවක් හදන්න මහින්ද ලෑස්ති වෙන්නෙ. ඒකයි ඔය දැන්ම බයියෝ රනිලව වර්නනා කරන්නෙ.

        • අලපාලු තමුන් කුඩ්ඩෙක්ද? මෙපමණ කල් මෙම පිටුවේ නොමැති අසික්කිත රචනා කරන්නේ අවලස්සනයි තමුන්ගේ රචනා බලන්නත්. නුගත් කම සේම තමුන් මුදලට මෙසේ රචනා ලියන වග නම් හොදටම පැහැදිලියි.
          හරිම අවලස්සන රචනා
          මා පලමුව ඔබට කියනවා වැදගත් අය සමග ගැටෙන්න ඔවුන් සමග දවස ගත කරන්න. එවිට දැන් ලියනා රචනා වෙනස් වෙවි. තමුන් තවකෙනෙකුට මඩ ගැසීම තමුන්ට නොදැනීම තමුන් පසුපස හබා එයි. එවිට තමුන්ට එමගින් බේරීමට නොහැක
          UNP රචකයන් එවිට ඔබ සමග නොමැත
          මා UNP ලෙස නම් කලේ ඔබ කිසි දිනක JVP නොවන නිසාය. මන්ද යත් JVP රචනා තියනීමට

    • Maha Kalu Sinhalaya says:

      Swadheena comission Sabha walata pinsiddhawenna kisima kenekta ewata atha thiyanna be. Ehema nowenna Lankawe bhagayakatama Corona…Me wage minimaruwangen monawa balaporoththu wennada meeta wada? Hariyata update ekak Wath denna danne ne. Api wedata yanna one ethakota 11 da 4 da kiyana ekath pehedili ne…

  8. Shaan says:

    Me rate jati bede tiyanakam kawadawath me rata diunu wenne nehe. Jati bede wapurana jatiyata taratirama nobala dedi daduwam diya utui

Main News