කොළඹ ගම්පහ කළුතර පුත්තලම ඇඳිරිනීතිය සඳුදා ඉවත් නොකරයි… තවත් දීර්ඝ කරයි…

April 25, 2020 at 6:08 pm | lanka C news
කොළඹ ගම්පහ කළුතර පුත්තලම ඇඳිරිනීතිය සඳුදා ඉවත් නොකරයි… තවත් දීර්ඝ කරයි…

කොළඹ ගම්පහ කළුතර හා පුත්තලම යන කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක සඳහා පනවා ඇති ඇඳිරිනීතිය එළඹෙන මැයි මස 4 වන දින පෙරවරු 5.00 දක්වා දීර්ඝ කර තිබේ.

අනෙකුත් සියළු දිස්ත්‍රික්ක සඳහා දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය 27 වන  සදුදා පෙරවරු 5 ට ඉවත් ඉවත් කර එදිනම රාත්‍රී අටට යළි පනවනු ලැබේ.

එම දිස්ත්‍රික්ක සඳහා මැයි මස පළවෙනි දින දක්වාම පෙරවරු පහට ඉවත්කරන ඇඳිරිනීතිය අටට යළි පනවනු ලබයි

ජනාධිපති මාධ්‍ය අංශ විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

302 views

26 Comments to “කොළඹ ගම්පහ කළුතර පුත්තලම ඇඳිරිනීතිය සඳුදා ඉවත් නොකරයි… තවත් දීර්ඝ කරයි…”

  1. Dilrukshi De silva says:

    ජනාධිපතිතුමනි දුප්පත් අපි ගැනත් මොහොතක් හිතන්න. මේ විදියට ඇඩිරිනීතිය දැම්මාම kohamadha දුප්පත් අපි රස්සාවක් කරන්නේ.මාස දෙකක් කන්නේ කෝහමාධ.දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා.කුලියට ඉන්නේ.මනුෂිකව හිතන්න.අපිට සතියක ඇර සතියක්වත් කීයක් හරි හොයාගන්න ක්‍රමයක් හදලා දෙන්න.දරුවෝත් එක්ක බඩගින්නෙ මැරෙන්න වෙන්නේ තවත් හිටියොත්.එක වේලක් හරි කන්නේ kahamada. මේ ගැන හිතන්න.