කොළඹ නගරයේ ඔක්සිජන් පහල බසී…..

March 4, 2021 at 5:30 pm | lanka C news
කොළඹ නගරයේ ඔක්සිජන් පහල බසී…..

කොළඹ නගරය තුල ඔක්සිජන් ප්‍රතිශතය ජනගහණයට සාපේක්ෂව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් ඇති බව සිදුකරන ලද සමීක්ෂණයකින් තහවුරු වී ඇත.

නගරයේ වායු දූෂණය ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී තිබේ.

කෙසේ වුවද මෙතෙක් මෙම ගැටළුවෙන් ජනතාවට නොදැනෙන්නේ මුහුද ආසන්න නගරයක් වන කොළඹ නගරයට සාගරයෙන් නිකුත් කරන ඔක්සිජන් ගොඩබිමට පැමිණීම හේතුවෙනි.

එම තත්ත්වය මත නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතාම ගණනය කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව සහ පරිසර අමාත්‍යාංශය ඒකාබද්ධව තීරණය කර ඇත.

එමෙන්ම කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීම සඳහා රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද තීරණය වී ඇත.

38,216 views

15 Comments to “කොළඹ නගරයේ ඔක්සිජන් පහල බසී…..”

  1. රන්වල says:

    ඔක්සිජන් කන්නද කියල අහපු සනත් නිසාන්තලගෙ චන්ද දායකයොත් උන්ගෙ සිතැගි පරිදි කෙස් ගස් හැර අනික් සියලු ගස් වනසන ඩෝසර් ප්‍රමුක ආණ්ඩුවත් ඇතිවන ඔක්සිජන් හිගයට පිලියම් ලෙස කෘතීම ස්වසන මැසින් ගෙන ඒමට ගජමිතුරු දිලිතයියාට කොන්තරාත් දෙනු ඇත.චීනාගෙන් ගත් ණයෙන් එය ගෙවමු.

    • ලසිත් says:

      කෝ අපේ ඩෝ”සර්” දාමුකෝ තව ගම සමග පිලිසන්දරක් ඉතුරු ගස් ටිකත්ටි සමතලා කරලා දාන්න

    • ඩෝසර says:

      කොළඹනේ ඔක්කොම සජබ, ජවිපෙ, එජාප, ද්‍රමුන්කෂාගම්, අාදී අණ්ඩරයො ඔක්කොමල ඉන්නෙ. ඉතිං අහන්නත් දෙයක්ද?

  2. 😷😷😷😷😷😷👁👁👁 says:

    කොළඹ නගරයේ ඔක්සිජන් පහල බසී
    කොළඹ නගරයේ වාහන දුම ඉහල විසී
    කොළඹ නගරයේ හුස්මයෙද පහල බසී
    කොළඹ නගරයේ ප්ලාස්ටික් ඉහල විසී

  3. Sanka says:

    බැරිසිලා මැතිතුමා ඔක්සිජන් අරන් විකුණලා 30% හොයනවද දන්නෙ නෑ.

    මොකද එයාගේ වටේ ඉන්නේ ඔක්සිජන් කන්නද අහන ජාතියේ අය.

    බැරිසිලා මැතිතුමාට ලංකාවේ ඔක්සිජන් තිබුනත් එකයි නැතැත් එකයි . එතුමාගේ අවසන් නැවතුම ඇමරිකාව …..

  4. තට්ටු ගොඩනැගිලි says:

    කොල්ලුපිටිය, බම්බලපිටිය සහ ගාලු මුවදොර වෙරළ තීරය ආවරණය කරමින් විසල් ගොඩනැගිලි ඉදිකිරීම නිසා කොළඹ නගරය තුළට සුළං පැමිණීම අඩාල වේ. වාහනවලින් පිටවෙන දුම මේ නිසා චක්‍රීකරණයට පත් නොවී ඔක්සිජන් මට්ටම තවත් අඩු වේ.

  5. 😷😷😷😷😷😷😷😷 says:

    සත්තු වගේ හැසිරී වාහන වැඩට යයි
    දිවා රෑ ඒසි වාහන දුවල දුම පිරිල යයි
    කලු ෂටර් වලට දුමද දෑසට වැහිල යයි
    පායපු හිරු. දුමින් කොළඹ වැහිල යයි

  6. Upul says:

    Due to the rate at which the deforestation happening in Srilanka, the entire country will be like this very soon.

  7. Ravi says:

    ඔක්සිජන් කන්නද බොල ?

  8. Banda says:

    ඔක්සිජන් කන්නද ? ithuru velaa thiyana gas tikath kapala daanna oone .

  9. Gini says:

    Start a oxygen plant first in muturajawella.😎👍😂

  10. Mask ❌ says:

    Dawasame mask dan idala oxygen adui kiyanawa. Ane mehema harak. Harak meeta wada hodai. Moda musalayo

Main News