කොළඹ නගරයේ කොරෝනා පාලනයෙන් ගිලිහිලා.. නිසි ලෙස පරීක්‍ෂණ කලොත් ආසාදිතයන් තව බොහෝ හමුවේවි..- ජයරුවන් බණ්ඩාර

November 13, 2020 at 3:50 pm | lanka C news
කොළඹ නගරයේ කොරෝනා පාලනයෙන් ගිලිහිලා.. නිසි ලෙස පරීක්‍ෂණ කලොත් ආසාදිතයන් තව බොහෝ හමුවේවි..- ජයරුවන් බණ්ඩාර

කොරෝනා වෛරස ව්‍යාප්තිය කොළඹ නගර සභා සීමා බල ප්‍රදේශය තුළ මේ වන විට යම්කිසි පාලනයකින් තොරව ආසාදිතයන් මතුවීමේ වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ආසාදිතයන් පාලනයකින් තොරව පොකුරු මතුවෙමින් ඇති බව ඔහු පැවසීය.

රට තුළ මේ වනවිට ආසාදිතයන් පහළොස් දහසක් ලෙස පරීක්ෂණවලින් හෙළි වුවද නිසි ලෙස පරීක්ෂණ කළ හොත් මෙම සංඛ්‍යාව ඊට වඩා බොහෝ වැඩි විය හැකි බවද ඔහු පෙන්වා දෙයි.

මෙතෙක් ලොව පැවති කිසිදු වසංගතයකින් වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙතරම් ජනතාවක් මියගොස් නැති බවද ඔහු කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී

33,817 views

8 Comments to “කොළඹ නගරයේ කොරෝනා පාලනයෙන් ගිලිහිලා.. නිසි ලෙස පරීක්‍ෂණ කලොත් ආසාදිතයන් තව බොහෝ හමුවේවි..- ජයරුවන් බණ්ඩාර”

  1. Appuwa says:

    කොරෝනා වෛරසය රජය කිසිසේත්ම අසමත් වීමක් සිදු වී නැති බවත් වෛරස ව්‍යාප්තිය ඉතා හොඳින් පාලනය කරගෙන සිටින බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

  2. කාන්තාර පළඟැටියා says:

    බස්නාහිර පලාතේ දිස්ත්‍රික්ක අතර සංචරණය වහාම තහනම් කරන්න. කොහොම කිව්වත් මිනිස්සු අහනව අඩුයි. වැඩට යන එන මිනිස්සු , වෙළෙඳුන්ගෙන් වගේම කුඩ්ඩන්ගෙනුත් අනිත් දිස්ත්‍රික්කවල ගම්මාන වලට වසංගතය පැතිරෙන්න පුළුවනි

  3. ක්‍රිමිනල් says:

    ඔගොල්ලො එහෙම කිව්වට අපේ ලොකු ස ලානං කියන්නේ කොවිඩ් පාලනය කරලා තියෙන්නේ කියලා ; ඔගොල්ලන්ට වඩා එතුමන්ලා කොවිඩ්19 පිලිබදව විශේෂඥයො , රස්සාව නැතිකරගන්න හදන්නෙපා බොරු කියලා.

  4. ප්‍රියන්ති says:

    දොස්තර ජයරුවන් බන්ඩාරගේ විශේෂඥ ක්ෂේත්‍රය වසංගත රෝග විද්‍යාවද? මා දන්නා තරමින් එසේ නොවේ. කෙසේවෙතත් ඔහු විදයාත්මක නොවන බහුබුත අනවැකි පළ කිරීමෙන් වැළකිය යුතුයි.

    අනෙක් කරුණ නම් කරන ඕනෑම ප්‍රකාශයක් දත්ත ආශ්‍රිතව සිදුකල යුතුය. නොමැතිනම් එවන් ප්‍රකාශයන් හුදෙක්ම තම පෞද්ගලික මතයක් පමණක්ම වේ.

  5. Citizen says:

    True or fake

  6. Chaminda ayya says:

    මේකෙ කොහෙද වසරක් වැනි කෙටි කාලයකදි මෙතරම් ගනනක් මියගිය වසංගතයක් තිබුනෙ නෑ කියන්නේ. කැලෑ උන මැලේරියාව එහෙමත් නැත්නම් ස්පැනිස් ප්ලු වලින් මීට වඩා වැඩි ගානක් මිය ගිහින් තියෙනව.

  7. gossicp says:

    lot of cases found in colombo 14

  8. සමන්ත වීරක්කොඩි says:

    ඇයි දේශිය හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ සහය මේ සදහා නොගන්නෙ. ආයුර්වේද වෛද්‍යවරුන්ට අවස්ථාව ක් දෙන්න

Main News