කොළඹ නගරය මැද ප්‍රභාකරන්ගේ ප්‍රතිමාවක්..?

May 19, 2018 at 12:00 pm | lanka C news
කොළඹ නගරය මැද ප්‍රභාකරන්ගේ ප්‍රතිමාවක්..?

ආණ්ඩුව සහජීවනයට මුවා වී කරන තක්කඩිකම්වල ප්‍රතිඵලයක් ලෙසින් කොළඹ නගර මධ්‍යයෙත් ප්‍රභාකරන්ගේ ප්‍රතිමා තැනී ගුණසමරු පැවැත්වෙන දිනය වැඩි ඈතක නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීම සමරනු වස් කොළඹ දී පැවැති විජයග්‍රහණයේ සමරුව නතර කිරීමට ආණ්ඩුවට තිබුණු උනන්දුව උතුරේ කොටි සැමරුම් නතර කිරීම නොමැති බව පෙන්වා දුන් රණතුංග මහතා ආණ්ඩුවේ අමනකම් නිසා යළිත් ‍ත්‍රස්තවාදය හිස ඔසවමින් සිටින බවත් පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ මිනුවන්ගොඩ රණවිරු සංසදය සංවිධාන කළ විජයග්‍රහණයේ සැමරුම් උළෙලට 18 වැනි දා මිනුවන්ගොඩ දී සහභාගී වෙමිනි. මිනුවන්ගොඩ නගර මධ්‍යයේ ඉදිකළ රණවිරු සැමරුම් ස්මාරකය ඉදිරිපිට පැවැති මෙම උත්සවයට ආණ්ඩු පාර්ශ්වය නියෝජනය කරන කිසිදු දේශපාලන නියෝජිතයකු සහභාගී නොවීම ද සුවිශේෂී කරුණකි.

තිස් වසරක රුදුරු ත්‍රස්තවාදයෙන් අපේ රට බේරාගැනීමේ ඵෙතිහාසික විජයග්‍රහණයේ නව වැනි සමරුව තමයි අපි අද මේ අභිමානයෙන් සමරන්නේ. අපිට අද නිදහසේ ජීවත් වෙන්න රටක් ඉතුරු වෙලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් එදා ත්‍රස්තවාදය පරාජය කරපු නිසයි.

අවුරුදු තිහක් තිස්සේ අපේ රටට පිළිලයක් වෙලා තිබුණු කොටි ත්‍රස්තවාදය ඉස්සරහා ජනාධිපතිවරුන් සිවුදෙනෙක් අන්ත අසරණ වුණා. ජේ. ආර්, ප්‍රේමදාස, ඩී. බී සහ චන්ද්‍රිකා කියන ජනාධිපතිවරුන් සිවුදෙනාටම කොටි ඉස්සරහා දණින් වැටිලා ඉන්නවා හැර වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.

මුළු ලෝකයේම භයානකම ත්‍රස්ත සංවිධානය විදියට හඳුන්වපු ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය දණ ගස්වන්න සමත් වුණ එකම නායකයා තමයි අපේ මහින්ද රාජපක්ෂ මහත්මයා. කිසිදු ජනාධිපතිවරයකුට කරන්න බැරි වුණ වැඩක් කරපු එතුමාගේ නම අපේ ඉතිහාසයේ රන් අකුරින් ලියැවිය යුතුයි.

මහින්ද මහත්තයාගේනායකත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මඟපෙන්වීමෙන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන් ත්‍රස්තවාදය පරාජය නොකළා නම් අද අපට ජීවත් වෙන්න වෙන්නේ දෙකට බෙදුණු රටක කියන කාරණය අපි කිසිවිටෙක් අමතක කළ යුතු නැහැ.

අද වෙන කොට මේ විජයග්‍රහණයට අයිතිකරුවන් බොහෝදෙනෙක් ඉන්නවා. හැබැයි ඔය කාටවත් ජයග්‍රහණය කරන්න තියා ඒකට දායකත්වයවත් දෙන්න වෙන්නේ නැහැ මහින්ද මහත්තයා  යුද්ධය අවසන් කරන්න ඕනේ කියන තීරණය නොගත්තා නම්.

එදා ප්‍රභාකරන් අවසන් ගමන් ගියාම අපේ මිනිස්සු එකතු වෙලා කිරිබත් උයලා, රතිඤ්ඤා පත්තු කරලා සතුට සැමරුවා. එදා විජයග්‍රහණය සමරපු අපේ රටේ යුද්ධය නිමා වෙලා වසර නමයක් ගෙවෙන කොට ඒ සේරම කනපිට හැරිලා තියෙන හැටි දැක්කම අපිට දැනෙන්නේ කණගාටුවක් විතරයි.

අද ආණ්ඩුව සහජීවනය ‍මුවාවෙලා කරන විගඩම් නිසා ත්‍රස්තවාදීන් යළි හිස ඔසවමින් සිටිනවා. රටම විනාශ මුඛයට ඇද දාපු ත්‍රස්තවාදීන් සමරන කොට නිහඬව සිටින තැනට ආණ්ඩුව අද තල්ලු වෙලා තියෙන්නේ උතුරේ ඡන්ද ටික නැති වෙයි කියන බය නිසයි.

දකුණේ සිංහලයන්ට විජයග්‍රහණය සමරන්න තහනම් වුණාට උතුරේ කොටි හිතවතුන්ට ඒවාට අවසර දීලා තියෙනවා. බලයට පත්වෙච්ච ගමන් විජයග්‍රහණයේ සමරුව නතර කරපු ආණ්ඩුව වක්‍රාකාරයෙන් කොටි හිතවාදීන්ට ප්‍රභාකරන් සමරන්න ඉඩ දීලා තියෙනවා.

ඒ මදිවට ආණ්ඩුවේ ඇමැතිවරුන් අපේ රණවිරුවන් හෑල්ලු කරලා ත්‍රස්තවාදීන් වීරයන් කරන ප්‍රකාශ නිකුත් කරනවා. මම දැක්කා රාජිත සේනාරත්න කියන තුට්ටු දෙකේ ඇමැතිවරයා කියනවා කොටි ත්‍රස්තවාදීන් සමරන එක සාධාරණයි කියලා.

මේ ඇමැතිවරයා තමන්ගේ අදහස් කියන එක ගැන අපිට ගැටලුවක් නැහැ. නමුත් රජයේ කැබිනට් ප්‍රකාශක ‍විදියට මෙයා කියන්නේ ආණ්ඩුවේ නිල මතය ද කියන ගැටලුව අපිට තියෙනවා. රාජිත කොහොමත් හැසිරෙන්නේ නිල නොවන ජනාධිපති එහෙමත් නැත්නම් ජනාධිපතිගේ එකම අයිතිකාරයා විදියට නිසා අපිට සිද්ධවෙනවා මේවා ආණ්ඩුවේ නිල ප්‍රකාශ විදියට ගණන් ගන්න.

එහෙම නෙමේ නම් ජනාධිපතිවරයා මේ කාරණා සම්බන්ධයෙන් රටට කරුණු පැහැදිලි කළ යුතුයි. අපි විශ්වාස කරන්නේ නැහැ ජනාධිපතිවරයාට රාජිතට උඩින් යන්න තරම් හයියක් තියෙනවා කියලා. ඒක නිසා තමයි රාජිත මේ විදියට උඩු බුරන්නේ.

රාජිතලා අපේ රණවිරුවන්ට මේ විදියට අපහාස කරන කොට එදා යුද්ධය වෙනුවෙන් පෙනී හිටපු පාඨලීලා කටක්වත් අරින්නේ නැහැ. 2020 ජනාධිපති සිහිනයේ ඉන්න පාඨලීලා හිතනවා ඇති ඕවට කතා කරලා දෙමළ ඡන්ද ටික නැති කරගන්න ඕනේ නැහැ කියලා.

හැබැයි මේ රටේ මීළඟ පත්වෙන්නේ තමන්ගේ වාසියට, බලට රැකගැනීමට රට, ජාතිය වුණත් පාවා දෙන කෙනෙක් නෙමේ කියලා කවුරුත් මතක තියාගන්න ඕනේ. දැන් රටම ඉල්ලන්නේ රටට ආදරය කරන නායකයකු මිසක් පාවා දෙන්නෙකු නෙමෙයි.

එදා යුද්ධය අවසන් කළාම අපි අපේ හමුදා සෙබළුන්ට රට රැකපු වීරෝදාර රණවිරුවන් කියලා ගරු කළා. ආණ්ඩුව රණවිරුවන්ගේ අවශ්‍යතා සියල්ල ඉෂ්ඨ කරලා දුන්නා. රණවිරුවන්ට නිවාස ද, දරුවන්ට පාසල් ද, ආබාධිත රණවිරුවන් රැකබලා ගන්නා මධ්‍යස්ථාන ද සියල්ල ඉදි කරන්න මහින්ද මහත්තයා කටයුතු කළා.

අද රණවිරුවන්ට උදාවෙලා තියෙන්නේ ශෝචනීය තත්ත්තවයක්. දෙමළ ඩයස්පෝරාවෙත් බටහිර රටවලත් පදයට නටන ආණ්ඩුව රණවිරුවන් නොසලකා හැරලා ඉවරයි. රණවිරුවන් කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන අයිතිවාසිකම්වත් නැති කොට්ඨාසයක් බවට මේ ආණ්ඩුව පත්කරලා තියෙනවා.

ඒ මදිවට ආණ්ඩුව හැමදාම උත්සාහ කරන්නේ ත්‍රස්තවාදය පරාජය කරපු මේ රණවිරුවන් දංගෙඩියට අරගෙන යන්නයි. දෙමළ ජනතාවගේ ඡන්ද ටික ගන්න රණවිරුවා දංගෙඩියට දක්කාගෙන යන්න උත්සාහ කරන මේ ආණ්ඩුවේ අයට මඩුවලිගෙන් තලලත් මදි කියලයි මම නම් හිතන්නේ.

තව කාලයක් මේ ආණ්ඩුව තිබ්බොත් කොළඹත් ප්‍රභාකරන්ගේ ප්‍රතිමා හදලා මල් මාලා දාන තැනට එනවාට කිසිම සැකයක් නැහැ. රටට , ජාතියට ආදරය කරන කිසිම කෙනෙකුට මේ ආණ්ඩුවට හොඳයි කියන්න පුළුවන්කමක් නැහැ.

එහෙම ආණ්ඩුවට ප්‍රශස්ති ගායනා කරන හැමෝම දේශද්‍රෝහීන්, අවස්ථාවාදීන් බව අපි මතක තබාගන්න ඕනේ. මේක රට, ජාතිය පාවා දීපු ආණ්ඩුවක්. මේ ආණ්ඩුව වහාම ගෙදර යැවිය යුතුයි. අද රටට අවශ්‍ය කරලා තියෙන්නේ අපි දිනපු දේවල් රැකගන්නා ආණ්ඩුවක්.

– ප‍්‍රදීප් අනුර කුමාර

29 views

6 Comments to “කොළඹ නගරය මැද ප්‍රභාකරන්ගේ ප්‍රතිමාවක්..?”

  1. චම්පා says:

    තහනම් නම් කොහොමද බතලයෝ කොටුවේ ඔය සැමරීම තිබුණේ

    • Ranarala says:

      ay boorudena, ranatunga mahaththaya kathakale minuwangoda pewathi raliyakadi bawa umbata therenne nedda?

  2. susi says:

    අපි දිවි හිමියෙන් මරාගෙන මැරිලා හරි මේ පිළිමය හදන එක නතර කල යුතුයි. සිංහලයෙනි කොළඹ වැටලීමට එකතු වෙනු.

  3. Mahasona says:

    What kind of political party openly aligns with an armed militant group banned by 32 countries and is bold enough to put forward LTTE demands on their election manifestos? These examples clearly negates the ‘ethnic’ element in Sri Lanka’s problem.,We now come to the mentality suffered by elite high caste Tamils which is where the real problem lies ,BAN TNA tamil terroerist party …Sampbandan resign and go
    Problem of the our nation is Indian Empire and Indian colonial parasites.

  4. SUNIMAL says:

    FBI made Tamil Tiger Terrorist (LTTE) as the Worlds Most Deadliest Outfit

  5. LION voice says:

    eelam yamapalana para BALLO eelam votes walin away may para balu wada karanna thamai……SINHALESE WAKE UP……..

Main News