කොළඹ නගරාධිපතිකමෙන් රෝසි පන්නන්න එජාපය සූදානම්..

August 5, 2020 at 6:48 pm | lanka C news
කොළඹ නගරාධිපතිකමෙන් රෝසි පන්නන්න එජාපය සූදානම්..

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයෙන් රෝසි සේනානායක මහත්මිය ඉවත් කරන ලෙස එම නගර සභාව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

ඇය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකාවක් වුවද මැතිවරණයේ දී තම පුත්‍රයා තරග වදින සමගි ජන බලවේගය ට සහයෝගය ලබාදුන් බවට ඔවුන් පැමිණිලි කර තිබේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් රෝසි සේනානායක මහත්මිය පවසන්නේ තමන් නගරාධිපති ධූරයෙන් ඉවත් කිරීම එක එක්කෙනාට උවමනා ලෙස කළ නොහැකි බවයි.

තමන් එසේ ලෙහෙසියෙන් ඉවත් කළ නොහැකි බවත් තමන් මහජනතාවගේ ඡුන්දයෙන් නගරාධිපති ධුරයට පත්වූ බවද ඇය සඳහන් කරන්නීය.

1,559 views

7 Comments to “කොළඹ නගරාධිපතිකමෙන් රෝසි පන්නන්න එජාපය සූදානම්..”

  1. ඊබ්‍රාහිම් ගේ බුරියානි says:

    රෝසී ලේසි නෑ

    • බුවනෙක ගේ මුස්ලිම් wife says:

      පොත්ත සුදුයි නේ.

  2. RW says:

    Please allow her to earn some more . She was bankrupt before becoming the mayor .

  3. Aniwa says:

    Don’t worry Rosy, appachchi and our beloved sir are with you.

  4. ලොලිපොප් මොංගල් says:

    2015 රෝසිගෙ චන්දත් වැටුනේ රනිල්ට නිසා රනිල් ඉන්නකම් රෝසි ඔතනින් හොලවනව බොරු.

  5. gamarala says:

    දැන් කොහොමද රත්තරන් වැසිකිලියේ බලය

  6. Maulavi says:

    Muslim conspiracy.