කොළඹ නගර සභාවට මං එනවා..ඇවිත් කුණු අදිනවා..- රෝසි
August 5, 2017 at 5:30 pm | lanka C news
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවණයේදී තමන් කොළඹ නගර සභාව වෙනුවෙන් තරග වදින බව හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මිය පවසයි.
එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින බවද පවසන ඇය තම අරමුණ කොළඹ නගරය කැලි කසලවලින් තොර නගරයක් කිරීම බවද සදහන් කරයි.
කොළඹ නගරය එජාපයේ බල කොටුවත් එය සංවර්ධනය කිරීම ගත හැකි සෑම ක්රියා මාර්ගයක්ම ගන්නා බවත් ඇය වැඩි දුරටත් කියා සිටී.